triangle-crackers-kegalle

තම බිරි­ඳට අභූත චෝදනා එල්ල කිරීම සම්බ­න්ධ­යෙන් උරණ වූ අයකු ගලි­ග­මුව හෙළ බොජු­න්හල තුළට දැල්වූ මදුරු කොයිල් ඇමුණූ තුන්හු­ලස් රතිඤ්ඤා පුපු­රවා අලා­භ­හානි කළැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් එම අව­න්හලේ සේවි­කා­ව­කගේ සැමි­යකු පෙරේදා (16) වැනිදා අත්අ­ඩං­ගු­වට ගත් බව කෑගල්ල පොලි­සිය පව­සයි.



මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ගලි­ග­මුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 51 හැවි­රිදි පුද්ග­ල­යෙකි. සැක­කරු ගලි­ග­මුව මංස­න්ධියේ කල­කට ඉහ­තදී කුඩා තේ කඩ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත් පසුව එම තේ කඩය ඉවත් කර ගලි­ග­මුව සමු­ප­කා­රය මඟින් හෙළ බොජු­න්හ­ලක් ආරම්භ කර ඇති බවත් පොලි­සිය සඳ­හන් කළේය. එම බොජු­න්හළ විවෘත කරන අව­ස්ථා­වේදී සැක­ක­රුගේ බිරිඳ ඇතුළු ප්‍රදේ­ශයේ කාන්තා­වන් කිහිප දෙන­කු­ටම වෙළෙ­ඳ­කුටි ලබා දී තිබූ බවත් එම කුටි­යක සැක­ක­රුගේ බිරිඳ පල­තුරු යුෂ පාන ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත් පොලි­සිය පව­සයි.

එම බොජුන් හලේ සෙසු කාන්තා­වන් විසින් සිය බිරි­ඳට විවිධ අභූත චෝදනා එල්ල කරන බවට ඇය සැක­කාර සැමි­යාට පවසා ඇති අතර පසුව ඔහු ඉකුත් 15 වැනිදා තුන්හු­ලස් රතිඤ්ඤා කරල් කිහි­ප­ය­කට මදුරු දඟර කැබලි තබා ගැට ගසා

රාත්‍රී 8 ට පමණ ත්‍රිරෝද රථ­යෙන් හෙළ බොජු­න්හල අස­ලට පැමිණ එහි දොරක් හැර ඒවා එතු­ළට දමා ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

පසුව රතිඤ්ඤා කරල් හෙළ බොජුන් හලේ තැන් තැන්වල තබා මදුරු දඟර පත්තු කර සැක­කරු යළි හෙළ බොජුන් හලෙන් පිට­තට පැමිණ ත්‍රිරෝද රථ­යෙන් පිටව ගොස් ඇති බව සී.සී.ටී.වී. කැමරා දර්ශ­න­වල පටි­ගත වී ඇති බවත් පොලි­සිය පැව­සීය.

රතිඤ්ඤා කරල් වරින් වර පත්තු වීම හේතු­වෙන් ඒ ආස­න්නයේ පිහිටා ඇති ඉන්ධ­න­හලේ සේව­ක­යින් ගොස් බලා සිද්ධිය සම්බ­න්ධ­යෙන් කෑගල්ල පොලි­සි­යට පැමි­ණිලි කර තිබිණි.

පසුව කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රින් කණ්ඩා­ය­මක් ගොස් පරීක්ෂා කිරී­මේදී හෙළිවී ඇත්තේ හෙළ බොජුන් හලට හානි සිදුවී ඇති බවය.



කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නාලක මාගෙ­ද­ර­ගම මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පුෂ්ප කුමාර රණ­සිංහ, උප පොලිස් පරී­ක්ෂක ලාල් ජය­සිංහ, පොලිස් කොස්තා­පල් නිමන්ත (85049) යන නිල­ධා­රිහු විම­ර්ශන කට­යුතු සිදු කළහ.
(කෑගල්ල  - චමින්ද ජය­ලත්)