tylwin-silva-speaks

ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ දිස්ත්රික් නාමයෝජනා පක්ෂ ලේකම්වරු විසින් අත්සන් කර යළි දිස්ත්රික් නායකයින් වෙත භාර දීම සිදුවූ අවස්ථාවේ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය‍ වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.



ඔබ ජාතික ජන බලවේගය කෙරේ ජනාධිපතිවරණයේදී විශ්වාසය තැබුවා සේම ඔබට විශ්වාසය තැබිය හැකි කණ්ඩායම් විසි දෙකක්. අපි මේ දිස්ත්රික්ක විසි දෙකම ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා ඒ කණ්ඩායම් පිළිබඳ විශ්වාසය තබලා ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබලා අපේ අපේක්ෂකයින් ජයග්රහණය කරවන්න අපි අනිවාර්යෙන්ම ඔබට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්කර දීමට අවශ්ය කරන සියලු කරුණු කාරණා. ඉදිරි අවුරුදු 5 තුළ සපුරනවා.



එකක් තමයි අපි ඉදිරිපත් කරන කණ්ඩායමට අපි වග කියනවා. අපි කොහොමත් ඔය පොල්ලෙලි පොල්කෝම්බ එහෙම පාවෙලා යන පොල් කොහොමත් අපි ගන්නෑ. අපි හොඳ කණ්ඩායමක් දාලා තියෙනව එකේ රට දන්නා අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
 ඊට කලින් පාර්ලිමේන්තුවට ආපු අයත් ඉන්නවා.

අපේ රටේ බහු ජන නායකයෝ ගොඩක් ඉන්නවා. ඊට අමතරව අපේ රටේ වෘත්තීයවේදීන් අලුත් නායකත්වයක් නිර්මාණය කරගැනීම සඳහා ඒ වගේ අය ඉදිරිපත් කර තිබු අපි කාන්තා නියෝජනය දෙමළ මුස්ලිම් නියෝජනය සහිතව ඉන්නවා.

අපි හිතනවා අපේ රටට අර පරණ හොරු රැලට වෙනස්ව අලුත් නායකත්වයක් අලුත් මන්ත්රීවරු කණ්ඩායමක් හදන්න පුළුවන් වෙයි කියලා.
ඒ පිරිස සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් වගකීම් බාර ගන්නවා


මෙම මැතිවරණයේදී මම ඡන්දෙ ඉල්ලන්නෑ මං පාර්ලිමේන්තු පැත්තෙන් යන ගමන් යනවා (සිනා) ඉදිරියේ ආණ්ඩුවේ කිසි තානාන්තරයක් මං භාරගන්නේත් නෑ.
අනුර සහෝදරයා ජනාධිපති වෙලා තනතුරු බදාගෙන නැහැ. මෙම මහ මැතිවරණ ජයග්රහණ කිරීම අනිවාර්යෙන්ම සහෝදරයා දායකත්වය ලබාදෙනවා.