ugc-president-kapila-seneviratne

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.





ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන් 2022 සිට කටයුතු කළේය.

සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද, 1997 දී අමෙරිකා එක්සත් ජනපදයේ වේන් (wayne) රාජ්‍ය සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇති අතර 1998 දී කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් ආචාර්ය (Postdoctral Fellow) සඳහා සුදුසුකම් ලැබීය. එමෙන්ම 2010 වසරේ දී එංගලන්තයේ ලීඩ්ස් (Leeds) සරසවියේ commonwealth Fellow ලෙස ද 2011 දී අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් සරසවියේ Fulbright Fellow ලෙස ද කටයුතු කර ඇත.



මහාචාර්ය සෙනෙවිරත්න, ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ ඉහළ නමක් දිනා සිටින පර්යේෂකයකු ද වේ. 2014- 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති ඔහු කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සභාවේ සභාපතිවරයා ලෙස ද Ethics Review committee හි සභාපතිවරයා ලෙස ද කටයුතු කරන්නෙකි.