vehicle-complains

දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝපභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවට පත් කිර්ම සඳහා ව්‍යාජ ලෙස ලබාදුන් ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.




ඉකුත් 29 වැනි දින සිට ලද එකී පැමිණිලි සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාර්න් හැව්ලොක් සිටි ‚ පන්නිපිටිය, නාරහේන්පිට හා බත්තරමුල්ල ආදී ප්‍රදේශවලට ගොස් සිදු කළ විමර්ශනවලදී සමහර ස්ථානවල එබඳු වාහනයක් නොමැති බවත්, තවත් සමහර ස්ථානවල එබඳු වාහන ඇතත් ඒවා පෞද්ගලික හිමිකරුවන්ට අයත් ඒවා බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.




එලෙස ව්‍යාජ තොරතුරු ලබාදීම මගින් වාහනවල නිත්‍ය හිමිකරුවන්ගේ මනසට රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇති කිර්ම මෙන්ම රජය අපහසුතාවට පත් කිරීම සේම,අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාර්න් නොමඟ යැවීම අපේක්ෂා කර ඇතැයි ද වැඩිදුරටත් දැනගන්නට ඇත.


හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පරිහරණය කළ වාහනය තරු පහේ හෝටලයක රථ ගාලක දමායෑමෙන් අනතුරුව සොයාගැනීමෙන් පසු ඉකුත් මස 29 වැනි දිනෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරු ඔස්සේ සොයා බැලූ සෑම පණිවිඩයක්ම ව්‍යාජ තොරතුරු බවට අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)