vehicle-parked-list

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිඛෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට දී තිබූ රථවාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දී තිබූ රථවාහන බවද ජනාධිපති කාර්යාලය කියයි.




එසේම මෙම රථවාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා මිස එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමග පසුගිය දින කිහිපයේ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථවාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබේ.


එසේම විනිවිද බව හා නිරවද්‍යතාව ආරක්ෂා කිරීම උදෙසා එලෙස එම රථවාහන භාවිත කළ අයගේ නම් ලැයිස්තුවක් ද මේ වන විට සකස් කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්ව ඇති පරිදි වාහන බාරදුන් අයගේ නාමලේඛනය මෙසේය.




හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන සරත් කුමාර, අසේල රුවන් වීරකෝන්, දීපානි කුමාරජීව, ආර්.එම්.සී.එම්. හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සුනන්ද මද්දුම බණ්ඩාර, වඩිවේල් සුරේෂ්, උපදේශකවරුන් වන ප්‍රියානි විජේසේකර, බී.එම්. එස්. බටගොඩ, ආර්.කේ.බී.ඒ.ජේ. තිලකරත්න, ආර්. පාස්කරලිංගම්, සමන් අතාවුදහෙට්ටි, ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, මහාචාර්ය ආශුබෝධ මාරසිංහ, බර්නාඩීන් රෝසි සේනානායක, ඒ.ආර්. විදානගමගේ, ප්‍රධාන සම්බන්ධීකාරක පී. හැරිසන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ධනුෂ්ක රාමනායක, සුගීෂ්වර බණ්ඩාර, තුසිත හල්ලොලුව, එස්.ඒ.බී. හේරත්, එස්.පී. ප්‍රසන්න ශමල් සෙනරත්, සමන් රත්නප්‍රිය, රජිත් කීර්ති තෙන්නකෝන්, වෛද්‍ය අසංග ගුණවංශ, සම්බන්ධීකරණ ලේකම් එස්. ඩී.එම්. පෙරේරා, ඔම්බුඩ්ස්මන් පී.ජේ.කේ.එස්. ඩබ්ලිව්. වික්‍රමසිංහ, සම්බන්ධීකාරක කේ.පී. දයාරත්න,




අධ්‍යක්ෂකවරුන් වන අනෝමා මාතරගේ, එච්.ඒ.ඩී. තනුජ් තිලකරත්න, ජී.එච්. ඉසුරු හේරත්, මනෝජ් රංග, ටී.එච්.එස්.එන්. ජීවානන්ද, වී.එස්.ආර්. කොඩිතුවක්කු, එච්. අචිනි හේරත්, ඩී.එම්. පියසේන, ආර්.ඒ. වරුණ රාජපක්ෂ, එම්. එම්. පුෂ්පකුමාර, කේ.ජී.එස්. මධුශංක, ඒ.කේ.ඒ. රන්දුල, එම්.එල්.ඩී. තීක්ෂණ අබේවර්ධන, වයි.ආර්. එච්. විදර්ශන බණ්ඩාර, ඒ.ඒ.එස්.පී. ශ්‍රියානන්ද, ටී.එම්.ජී.එන්.කේ. මඩුගල්ල, බී.කේ. සුගත් කුමාර, එල්. අශෝක් ලාල් සිගේරා, නලින් සමරකෝන්, ආර්.පී. ප්‍රියන්ත කුමාර, තරිඳු කල්දේරා, ශානුක කරුණාරත්න, මීෂා ගුණවර්ධන, ඩබ්ලිව්.එල්. ප්‍රදීප් සුරංග, එච්.එම්.යූ. කුමාරතුංග, ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර, සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරුන් වන සජන සූරියආරච්චි, පැතුම් පතිරණ,


පී.එස්. ලක්මාල්, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන පාලිත වික්‍රමගේ, සුනිල් රම්‍යවංශ මාගම්මන, ජී.කේ.එල්.එස්. රාජදාස, පී.ඩබ්ලිව්. වලිකාලා, එන්.කේ.ජී. රාජපක්ෂ, ඩබ්ලිව්.සී.ඒ. ප්‍රනාන්දු, සුජිත් අක්කරවත්ත, සුනිල් ප්‍රේමසිරි, ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, විමලවීර දිසානායක,


මිලාන් ජයතිලක, නිමල් පියතිස්ස, උදයන කිරිඳිගොඩ, ජගත් ප්‍රියංකර, කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක,

එම්. රාමේෂ්වරන්, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ, චින්තක මායාදුන්නේ, ප්‍රියංකර ජයරත්න, ගුණතිලක රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, ඩයනා ගමගේ, ප්‍රදීප් උඳුගොඩ, එස්. එම්. චන්ද්‍රසේන, මධුර විතානගේ, එස්.එම්.එම්. මුෂාරෆ්, මේජර් සුදර්ශන දෙනිපිටිය, සම්පත් අතුකෝරල, වීරසේන ගමගේ, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා, රංජිත් බණ්ඩාර, උදය ශාන්ත ගුණසේකර, එස්.බී. දිසානායක, අසංක නවරත්න, ගයාෂාන් නවනන්දන, ගාමිණී ලොකුගේ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සීතා අරඹේපොල, කපිල අතුකෝරල, විජිත බේරුගොඩ, ජයන්ත කැටගොඩ, අජිත් රාජපක්ෂ, එස්.සී. මුතුකුමාරණ, සහත් ප්‍රදීප් විතාන මහත්ම මහත්මීන් ජනාධිපති කාර්යාලයට එලෙස වාහන බාර දී තිබේ.
 අංජුල මහික වීරරත්න