vehicle-president-office

 පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදී සිදු කෙරුන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



ඒ අනුව වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.ඉන් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන ගිය බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක් මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක් දකුණු පළාත් සභාවෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදී ඇත.



 වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ (01දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය.මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සහ අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.