vijitha-himi-remand

බාල­ව­ය­ස්කාර පිරිමි දරු­ව­කුට ලිංගික අප­යෝ­ජ­න­යක් සිදු කිරීම යන චෝද­නාව යටතේ හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් හිමි නමක අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හෝමා­ගම මහේ­ස්ත්‍රාත් රජීන්ද්‍රා ජය­සූ­රිය මහ­ත්මිය අද (03) නියෝග කළාය.



මෙලෙස බන්ධ­නා­ගා­ර­ගත කරන ලද්දේ හෝමා­ගම, කටු­වාන, දුව­වත්ත පාර ප්‍රදේ­ශයේ අස­පු­වක් නමින් පව­ත්වා­ගෙන යනු ලබන ස්ථාන­යක වැඩ විසූ බලන විජිත හිමි ය.

මෙම හිමි නමට එරෙ­හිව මීට පෙරද බාල­ව­ය­ස්කාර පිරිමි දරු­වකු අප­යෝ­ජන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා පැවති අතර හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර ඇප මත සිටින අයකු බව

සහ අලව්ව පොලිස් වසමේ ඒ ආකා­ර­යෙන්ම පිරිමි දරු­වකු අප­යෝ­ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ද හෝමා­ගම පොලිස් ස්ථානය මඟින් අධි­ක­ර­ණය වෙත කරුණු අනා­ව­ර­ණය කර තිබුණි. මෙලෙස ලිංගික අප­යෝ­ජ­න­යට ලක්වූ 16 හැවි­රිදි පිරිමි දරු­වාගේ හඳ­හන අනුව එම දරු­වාට ශාන්ති­ක­ර්ම­යක් කළ යුතු බව එම දරු­වාගේ මවු­පි­යන්ට පවසා එම දරුවා රැගෙන විත් අස­පුවේ තබා­ග­නි­මින් ලිංගික අත­වර කිරී­මට සැරසී ඇති බවත් පසුව දරුවා සිර­කර සිටි කාම­ර­යෙන් පැන­ගොස් හිමි නම විසින් ලිංගික අත­වර කිරී­මට සූදා­න­ම්වීම පිළි­බ­ඳව එම දරු­වාගේ මවගේ ඥාති­යෙ­කුට පැව­සී­මෙන් පසු එම දරු­වාගේ මව විසින් හෝමා­ගම මූල­ස්ථාන පොලි­සි­යට සිද්ධි සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් සිදු­කර තිබුණි.

ඒ අනුව සැක­කාර හිමි නම අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් නිල­ධා­රීන් එම අස­පුව වෙත කිහි­ප­ව­රක් ගියද සැක­කාර හිමි නම පලා­ගොස් සිටි බවද මෙහිදී පොලි­සිය අධි­ක­ර­ණය හමුවේ කීය. සති තුනක පමණ කාල­යක් ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් සිටි සැක­කාර හිමි නම නීති­ඥ­ව­ර­යකු සමඟ හෝමා­ගම මූල­ස්ථාන පොලි­සි­යට පැමිණ භාර­වී­මෙන් පසු අත්අ­ඩං­ගු­වට ගත් බව හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය පැව­සීය.