vip-sequrity1145-removed


ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබූ නිලධාරීන් 1145 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා ඊයේ (06) සිට පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.





වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයක් මඟින් ප්‍රභූගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ නිලධාරීන් ඉන් ඉවත් කර සාමන්‍ය පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇතැයි දැනුම් දී ඇත.මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහය යටතේ අදාළ මාරුවීම් ලබීදී ඇතැයි සඳහන් වේ.



ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස් ස්ථානවලට අනුයුක්ත කළ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, සැරයන්වරුන්, කොස්තාපල්වරුන්, මෙන්ම මෙම නිලයන්වල කාන්තා නිලධාරීන්ද සිටින බවව වාර්තාවේ. ප්‍රභූ ආරක්ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශන දීමනා සාමාන්‍ය පොලිස්ථානවලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියොග මඟින් නියම කර ඇත.

 මනෝප්‍රිය ගුණසේකර