wasnatha-senanayake-cab

ඩීඑස් සේනානායක මහතාගේ මුණුපුරෙකු බව පවසමින් ප්‍රකටවූ සමගි ජන බල­වේ­ගයේ දැදි­ගම ආසන සංවි­ධා­යක වසන්ත සේනා­නා­යක මහ­තාගේ දේශ­පා­ලන කට­යුතු සඳහා යොදවා තිබුණු මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට අයත් ඩබල් කැබ් රථ­යක් වර­කා­පොළ අඟු­රු­වැල්ල මාර්ගයේ ධාව­නය වෙමින් තිබි­යදී ගල­පි­ට­මඩ පොලි­සියේ නිල­ධාරින් කණ්ඩා­ය­මක් කළ ක්ෂණික මාර්ග බාධක පොලිස් මෙහෙ­යු­ම­කදී පසුගිය10 දා රාත්‍රී කාලයේ සොයාගෙන තිබේ. 

අඟු­රු­වැල්ල දෙස සිට වර­කා­පොළ දෙසට ධාව­නය වෙමින් තිබුණු pc 4755 අංකය දරන ඩබල් කැබ් රථය ක්ෂණික මාර්ග බාධක රාජ­කා­රියේ නිර­තව සිටි නිල­ධා­රීන් නතර කර කළ පරී­ක්ෂා­වේදී එහි රියැ­දුරු ලෙස කට­යුතු කළ පුද්ග­ලයා සතුව රියැ­දුරු බල­ප­ත්‍ර­යක් තිබී නැත. දුම්ම­ල­දෙ­නිය, වර­කා­පොළ පදිං­චි­ක­රු­වෙක් වන තිස් නම හැවි­රිදි සමීර ලක්මාල් නැමැති රියැ­දුරා ප්‍රශ්න කිරීම් හමුවේ පොලි­සි­යට පවසා ඇත්තේ වසන්ත සේනා­නා­යක මහ­තාගේ වර­කා­පොළ පිහිටි කාර්යා­ලයේ කට­යුතු සඳහා මෙම කැබ් රථය භාවිත කරන එකක් බවය. මෙම රථයේ ලියා­ප­දිංචි තොර­තුරු ද තිබී නැති අතර එහි ඉදි­රි­පස වාමුවේ (වීදු­රුවේ) අලවා තිබූ ආදා­යම් බල­ප­ත්‍රය පොලිස් නිල­ධා­රීන් පරීක්ෂා කිරී­මේදී එය මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ රථ­යක් බව හඳු­නා­ගෙන තිබේ.


මේ බව ක්ෂණික මාර්ග බාධක සෝදිසි රාජ­කා­රියේ සිටි නිල­ධා­රීන් ගල­පි­ට­මඩ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කිරී­මට කට­යුතු කර ඇත. එහිදී පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා එම නිල­ධා­රීන්ට දැනුම් දී ඇත්තේ රියැ­දුරු සමඟ කැබ් රථය පොලිස් ස්ථාන­යට රැගෙන එන ලෙසය. ඒ අනුව කැබ් රථය පොලිස් ස්ථාන­යට රැගෙන ඒමෙන් පසු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා රියැ­දු­රුගේ ජාතික හැඳු­නු­ම්පත රැගෙන පරීක්ෂා කිරී­මේදී ඔහුගේ නමේ වාස­ගම ඔහුගේ මත­කයේ රැඳී තිබී ඇත. ඒ ගැන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් කළ සොයා බැලී­ම­කදී අනා­ව­ර­ණය වන්නේ දුනු­මාලේ සරත් නැමැති අයගේ ඝාත­න­යට අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ව­කුගේ වාස­ග­මක් හා මෙම සැක­ක­රුගේ වාස­ගම අතර සම්බ­න්ධ­යක් ඇති බවය.


දුනු­මාලේ සරත්ගේ ඝාත­නය මාකි­ලං­ග­මුවේ සංජීව නමැති පාතාල අප­රා­ධ­ක­රුගේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව සිදු­ක­රනු ලබන්නේ පසු­ගිය වසරේ ජූලි 14 දින ගල­පි­ට­මඩ ප්‍රදේ­ශ­යේ­දීය. කැබ් රථ­ය­කින් ගමන් කර­මින් සිටි ඔහුට යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු වෙඩි තබා ඝාත­නය කර තිබුණි. එම ඝාත­නයේ යතු­රු­පැ­දි­කරු ලෙස කට­යුතු කර ඇත්තේ මෙම කැබ්ර­ථයේ රියැ­දු­රුගේ සහෝ­ද­ර­යාය. මෙම තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මෙන් පසු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා මෙම රියැ­දු­රාගේ මුදල් පසු­ම්බිය පරීක්ෂා කිරී­මේදී ඒ තුළ තිබී ඔහුගේ සහෝ­ද­රයා වන දුනු­මාලේ සරත්ගේ ජාතික හැඳු­නු­ම්පත ද තිබී ඇත.


රියැ­දු­රාගේ ජාතික හැඳු­නු­ම්පත පොලි­සියේ AMI දත්ත පද්ධ­ති­යට ඇතු­ළත් කර පරීක්ෂා කිරී­මේදී අනා­ව­ර­ණය වන්නේ ජුලි 19 වැනි දින බීමත්ව රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් ඔහුව නුව­ර­එ­ළිය පොලි­සි­යට කොටු­වී­මෙන් අන­තු­රුව අධි­ක­ර­ණය මාස තුනක කාල­ය­කට රියැ­දුරු බල­ප­ත්‍රය අත්හි­ටුවා ඇති බවය. ඒ අනුව මෙම රියැ­දුරා කැබ් රථය පදවා ඇත්තේ රියැ­දුරු බල­ප­ත්‍රය අධි­ක­ර­ණය විසින් අත්හි­ටුවා තිබි­යදී බව පොලි­සි­යට පෙනී ගොස් ඇත. දීර්ඝ ලෙස පොලි­සිය රියැ­දු­රා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී පවසා ඇත්තේ වසන්ත සේනා­නා­යක මහ­තාගේ කාර්යා­ලයේ වැඩ කරන සේව­ක­යින් කිහිප දෙනෙකු ඔවුන්ගේ නිවෙ­ස්ව­ල­ටත් අඟු­රු­වැල්ලේ ඇති කොරි­යන් භාෂා පුහුණු පාඨ­මා­ලා­වක් පැවැ­ත්වෙන ස්ථාන­ය­ක­ටත් ඇර­ල­වී­මට ගොස් නැවත කාර්යා­ල­යට යමින් සිටි­යදී පොලිස් පරී­ක්ෂා­වට ලක් වූ බවය.

මෙම කැබ් රථය ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ද මැති­ව­රණ කට­යුතු සඳහා තමා පැදවූ බවද රියැ­දුරා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. සිය කාර්යා­ලයේ සේවයේ නිරත රියැ­දුරු පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව දැන­ගත් වසන්ත සේනා­නා­යක මහතා ද පොලි­සි­යට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් තොර­තුරු විමසා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය. තත්ත්වය පැහැ­දිලි කර දීමෙන් අන­තු­රුව ඔහු පොලි­සි­යට පවසා ඇත්තේ පොලි­සියේ රාජ­කා­රි­ව­ලට තමා බාධා නොක­රන බවයි. කැබ් රථය සම්බ­න්ධ­යෙන් පොලි­සිය කළ සොයා බැලී­ම­කදී අනා­ව­ර­ණය වී ඇත්තේ මීරි­ගම ප්‍රදේ­ශයේ පිහිටි යම් කොන්ත්‍රාත් සමා­ග­මක් රථය ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී වසන්ත සේනා­නා­යක මහ­තාගේ කාර්යා­ලයේ කට­යුතු සඳහා ලබාදී ඇති එකක් බවය.

ඒ සම්බ­න්ධ­යෙන් අදාළ සමා­ගමේ ප්‍රධා­නි­යෙක් පොලි­සි­යට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් සඳ­හන් කර ඇත්තේ මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට අයත් එම රථය තමන් මිල­දී­ගත් එකක් බවත් එය මිලදී ගෙන වැඩි කාල­යක් නොමැති බවත්ය. රථය තමන්ගේ නමට ලියා­ප­දිං­චිය වෙනස් කිරී­මට ප්‍රමාද වූ බවද ඔහු පොලි­සි­යට පවසා තිබේ. මෙම කැබ් රථයේ පෙනුම හා ධාවන තත්ත්වය සලකා බැලී­මේදී රාජ්‍ය ආය­ත­න­යක් වන මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මෙවන් ධාවන තත්ත්වයේ ඇති වාහ­න­යක් සමා­ග­ම­කට අලෙවි කර තිබීම ගැට­ලු­ස­හ­ගත බව පොලි­සි­යට පෙනී ගොස් ඇත. ඒ අනුව වැඩි­දුර විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ ආදා­යම් බල­පත්‍ර පවා පසු­ගිය අගෝස්තු පස්වැ­නිදා වස­රක කාල­යක් සඳහා අලුත් කර­වා­ගෙන ඇත්තේද මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ වාහ­න­යක් ලෙස බවය. මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ල­යෙන් කළ පරික්ෂා කිරී­මේදී තහ­වු­රුවී ඇත්තේ තව­මත් එම රථය ලියා­ප­දිංචි කර තිබෙන්නේ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ තන­තුරු නාම­යෙන් බවය.

මෙම රථය මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ලයේ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ තන­තුරු නාම­යෙන් ලියා­ප­දිංචි කර ඇත්තේ 2011 වර්ෂයේ සිට බවද පොලි­සි­යට පෙනී ගොස් ඇත. මේ හේතුව නිසා පොලි­සිය වාහ­නයේ හිමි­කරු බව සඳ­හන් කර­මින් පොලි­සි­යට ඇම­තු­මක් දුන් කොන්ත්‍රාත් සමා­ගමේ ප්‍රධා­නි­යාට පවසා ඇත්තේ වාහ­නය මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන් මිලදී ගැනී­මට අදාළ ලිය­කි­ය­විලි පොලි­සි­යට ඉදි­රි­පත් කරන ලෙසය. එහෙත් ඊයේ සවස් වන තුරුම අදාළ සමා­ගමේ නිල­ධා­රියා එම ලිය­කි­ය­විලි රැගෙන පොලි­සි­යට පැමිණ සිටියේ නැත. ඒ අනුව වාහ­නය පොලිස් භාරයේ තබා­ගෙන සැක­කාර සමීර ලක්මාල් නමැති රියැ­දුරු රුව­න්වැල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ. එහිදී පොලි­සිය ඉදි­රි­පත් කරනු ලැබූ කරුණු සැල­කි­ල්ලට ගෙන රියැ­දුරු ලබන විසි­තුන් වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත.
ගයාන් කුමාර වීරසිංහ,කෑගල්ල - චමින්ද ජයලත්