wasudeva-npp

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා වෙනම තරග කිර්මට පක්ෂය තීරණය කර ඇති බවත්, එසේ වුවද සහාය ලබා දීම ජාතික ජන බලවේගය වෙත සිදු කරන බවත් එම නායක, වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.




කොළඹදී ඊයේ (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ, ජාතික ජන බලවේගය සමග සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට ජනාධිපතිවරණයේදීද උත්සාහ කළ නමුත්, එය සාර්ථක නොවූ බවයි. ඒ අනුව එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ,




“පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය සහයෝගය දක්වන්නේ මාලිමාවට. අපේ පක්ෂය තරග කරනවා. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන එකට මේ ඡන්දයේදී තරගයට ඉදිරිපත් වෙන්න.


ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජන බලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරග කළත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබා දෙනවා. අපේ අනුගාමිකයන්ට අපි කියා සිටිනවා අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව.” යනුවෙනි.