welikanda-incident

 පොලො­න්න­රුව වැලි­කන්ද නග­රයේ රාජ්‍ය බැංකු­වක ඊයේ (08) සවස 6.00ට පමණ ආර­ක්ෂ­ක­යකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇති බව වැලි­කන්ද පොලි­සිය කියයි.



මෙලෙස මිය­ගොස් ඇත්තේ වැලි­කන්ද සුසි­රි­ගම අංක 113 ලිපි­නයේ පදිං­චිව සිටි තිදරු පියකු වන 53 වියති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේ­සිංහ යන අය බව පරී­ක්ෂණ සිදු කරන වැලි­කන්ද පොලි­සිය සඳ­හන් කරයි.

ඔහු රාජ­කා­රිය අව­සන් කිරීම සඳහා රිපි­ටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබූ පත­රො­මක් ඉවත් කිරී­මට බට කොටස බිම ගසා තිබේ.

එහිදී ගිනි අවිය ක්‍රියා­ත්මක වී ආර­ක්ෂ­ක­යාගේ පපු ප්‍රදේ­ශ­යට වැදී ඇති අතර, ඔහු එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇති බව පරී­ක්‍ෂණ සිදු කරන වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන්ත රත්නා­යක මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය. පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන්ත රත්නා­යක මහතා ඇතුළු පොලිස් නිල­ධා­රීහු මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු­ක­රති.

මේ සම්බ­න්ධ­යෙන් අදාළ රාජ්‍ය බැංකුව පාර්ශ්ව­යෙන් ද විශේෂ පරී­ක්‍ෂ­ණ­යක් ආරම්භ කර ඇති බව වැඩි­දු­ර­ටත් වාර්තාවේ.
(මන­ම්පි­ටිය - නිමල් ජය­රත්න)