වයස අවුරුදු දාසයක පාසල් දැරියක් ගුරු නිවාසයකට රැගෙන ගොස් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අනුව වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරුවරයකු ඊයේ (22) අත්අඩංගුවටගත් බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙම ගුරුවරයා විසින් දැරිවියව අවස්ථා කිහිපයකදීම ගුරු නිවසට රැගෙන ගොස් දූෂණයකර ඇතැයි මවුපියන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුරය සිට මීට වසර කිහිපයකට පෙර එම පාසලට ගණිතය විෂය ඉගැන්වීමට පැමිණි අවුරුදු 25ක් පමණ වයසති අවිවාහක ගුරුවරයකු බව වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා පැවසීය.
එම විද්‍යාලයේ මවුපියන් සිව්දෙනකු විසින් 21 වෙනිදා දුරකතන හඬ පටයක් සමඟ මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද සෙනවිරත්න මහතා කීවේය.
අදාළ ගණිත ගුරුවරයා සමඟ, අවස්ථා කිහිපයකදී පැවති සම්බන්ධතාවය හා තමන්ට ගණිත ගුරුවරයාගෙන් දූෂණයට ලක් වූ අවස්ථාවන් පිළිබඳව දැරිය තම මිතුරිය සමඟ සංවාදයේ යෙදෙන දුරකතන හඬ පටයක් ද පැමිණිලි කළ මවුපියන් විසින් ලබා දී ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
එම පාසල් සිසුවිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
අදාළ ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා නොදුණහොත් තම මවුපියන් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ දැනුම්වත් කළ යුතු සියලු අංශ දැනුම්වත් කරමින් ප්‍රදේශයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත්,
ඉදිරියට ගුරුවරුන්ගෙන් එවැනි සිදුවීම් දරුවන්ට සිදු නොවීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන ලෙසද වැලිකන්ද පොලිසියට පැමිණි ඉදිරිපත් කෙරූ දෙමාපියෙකු වූ අප සමඟ පැවැසීය.
මෙම සිද්ධිය පිළිබඳ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(සිරිපුර - මදුශානි අබේසිංහ)
0 Comments