welipanna-incident

 රෙදි පටියකින් මුහුණ ගැට ගසා, ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුළ ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් ඔස්සේ වැලිපැන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.




මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, වැලිපැන්න අලුත්ගම පාරේ පදිංචිව සිටි විජිත ඈපා සෙනවිරත්න නමැති 75 හැවිරිදි ව්‍යාපාර්කයෙකු සහ ඔහුගේ බිරිඳ වන චන්ද්‍රා සෙනරත් නමැති 67 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක බව පොලීසිය සඳහන් කරයි.

වැලිපැන්න මුස්ලිම් විද්‍යාලය අසල නිවසක ඝාතනය කළ බවට සැක, ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ මළසිරුරු තිබෙන බවට ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ කිරීමේදී නිවසේ සාලයේ තිබී මළසිරුරු දෙක හමුවූ බවත් පොලීසිය පවසයි. මිය ගොස් ඇති ව්‍යාපාරික අඹුසැමි යුවළ වතු කිහිපයක් සහ ගල් කොරියක් හිමි ව්‍යාපාරික යුවළක් බවත්, ඔවුන්ට දරුවන් නොමැති බවද පැවසේ. 


(සුමිත් පොතුපිටිය)