weliweriya-incident

වැලි­වේ­රිය පොලිස් වසමේ දකුණු ඇඹ­ර­ළුව සමෘද්ධි මාවතේ නි‍ෙව­සක සිටි ගෙහිමි කාන්තා­වක හුස්ම හිර­කොට ඝාත­නය කොට ඇය සතුව තිබූ රන් භාණ්ඩ හා මුදල් කොල්ල­කෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ එම සිද්ධියේ ප්‍රධාන සැක­කරු බව කියන පුද්ග­ල­යාව ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලණි පෙරේරා මහ­ත්මිය විසින් ඔක්තෝ­බර් 10 දක්වා රිමාන්ඩ් භාර­යට පත් කළාය.



W.M ප්‍රදීප් කුමාර නමැති අයෙ­කුව මෙලෙස රිමාන්ඩ් භාර­යට පත් කෙරෙන අතර ඔහු පසු­ගි­යදා බැලු­ම්ම­හර ප්‍රදේ­ශයේ පිහිටි සම්බා­හන මධ්‍ය­ස්ථා­න­ය­කට කඩා වැදී එහි සිටි තරු­ණි­යන් පස් දෙනකු කාම­ර­ය­කට දමා සිර­කොට ඔවුන්ගේ මුදල් හා දේපොළ සොර­කම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැක­කරු බවට ද මෙහිදී කරුණු අනා­ව­ර­ණය කෙරිණ.

සැක­කරු මීට ඉහ­තදී සිදු කරන ලද හොර­කම් හා මංකො­ල්ල­කෑම් අටක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ සිටින අයෙකු බව­ටද මෙහිදී පොලි­සිය සඳ­හන් කර සිටි­යේය.

ඔහු සමඟ සිටි කාන්තාව කොල්ල­කන ලද රන් භාණ්ඩ හා මුදල් රැගෙන පලා ගොස් ඇති අතර ඇයව මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැත. සැක­කරු එම කාන්තාව සමඟ පැමිණ එම නි‍ෙවස සති­යක කාල­ය­කට කුලි­යට ගෙන සිටි­යදී මෙම ඝාත­නය හා කොල්ල­කෑම සිදු කර තිබිණ.