2024-parliamentry-election-begins

2024  පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අද (නොවැ. 14) පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13, 421කදී ඡන්ද විමසීම් කටයුතු සිදු කරනු ඇත.



මේ වර්ෂයේ ලියාපදිංචි ඡන්දහිමි නාමලේඛනය අනුව ඡන්ද හිමියන් 17,140,354ක් ඒ සඳහා සුදුසුකම් ලබා ඇත.

මැතිවරණ කොට්ඨාස 22ක පරිපාලන දිස්ත්‍රික්ක 25ක ඡන්ද විමසීම සිදුවේ.



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේදී තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කරන අතර සාමාන්‍ය ඡන්ද පස්වරු 7:15ට පමණ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.