කුවේට් රටේ හිරගෙවල්වල මත්ද්‍රව්‍ය චෝදනා මත හිර වෙලා හිටපු ලාංකිකයෝ 32 දෙනෙක් ඊයේ (25) ලංකාවට ආවා. මේ අය ගෙනාවේ කුවේට් ගුවන් හමුදාවේ විශාල සී-17 ගුවන් යානයකින්.
මේ විදිහට සිරකරුවන් එහෙ මෙහෙ කරන්න පුළුවන් වුණේ 2007 දී දෙරට අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා. වැඩි පිරිසක් අල්ලලා තියෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා, විකුණලා හා ප්‍රවාහනය කරලා.
මේ අය ලංකාවට ගෙන්න ගන්න කුවේට්වල ඉන්න අපේ තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහත්තයා මාර්තු මාසේ ඉඳලා උත්සාහ කළා. ඒ වගේම එයා කුවේට් රජුත් එක්ක සහ අභ්‍යන්තර ඇමතිත් එක්ක කතා කරලා මේ ගුවන් යානය නොමිලේ ගන්න පුළුවන් වුණා.
විශේෂ දෙයක් තමයි, අපි ලංකාවේ හිරේ ඉන්න කුවේට් සිරකරුවෝ කවුරුවත් නැති එක. ඒත් කමක් නැතිව මේ අය එවන්න කුවේට් රට කැමති වුණා.
ඊයේ හවස 2.30ට තමයි KAF-3223 ගුවන් යානය කටුනායකට ආවේ. මේ සිරකරුවෝ අත් මාංචු දාලා ගෙනාවේ කුවේට් ආරක්ෂක නිලධාරීන්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරු සහ හෙදියන් එක්ක. ලංකාවේ බන්ධනාගාර නිලධාරීන් මේ අය භාරගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙනිච්චා.
කුවේට් නිලධාරීන් අද (26) ආපහු යන්න නියමිතයි.
0 Comments