Four-Customs-officials-sentenced-to-35-years-for-largest-bribery-scandal-in-Sri-Lankas-history


ශ්‍රී ලංකා අල්ලස් කොමිසම විසින් වාර්තා කර ඇති විශාලතම අල්ලස සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් සිව් දෙනෙකුට අද කොළඹ මහාධිකරණය විසින් වසර 35ක දැඩි සිර දඬුවම් නියම කරන ලදී.



ලංගම භාවිතය සඳහා ආනයනය කරන ලද රුපියල් මිලියන 1,500ක අමතර කොටස් තොගයක් තීරුබදු මග හැරීමෙන් නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන 150ක අල්ලසක් ඉල්ලා සිටීම හා රුපියල් මිලියන 125ක් භාරගැනීම සම්බන්ධයෙන් හිටපු සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුදීර පරාක්‍රම ජිනදාස යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල විසින් වසර 35ක සිර දඬුවමට අමතරව චූදිතයන් එක් අයෙකුට රුපියල් මිලියන 125 බැගින් වූ දඩයක්ද නියම කරන ලදී.