අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝග නිසා තහනම් කළ ඌරු මස් ප්‍රවාහනය සහ ඌරු මස් විකිණීම බලයලත් නිලධාරීයකුගේ අවසර පත්‍රයක් මත සිදු කළ හැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්යක්ෂ කේ.කේ. සරත් මහතා පැවසීය.
අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ශ්‍රී ලංකාවේ පැතිරි යන බැවින් හා පැතිරීමට ඉඩ ඇති බැවින් පසුගිය ඔක්තෝබර් 25 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ වෙනසක් කරමින් නව ගැසට් නිවේදනය මෙම
නොවැම්බර් මස හතරවෙනිදා නිකුත් කිරිමත් සමග මෙම අවසරය ලැබී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකවරයා පැවසීය.
අදාළ රෝගය හේතුවෙන් මරුමුවට පත් වූවා හෝ
ආසාදිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ
මළකුණක් හෝ ඒ කොටසක් වෙනත්
සතුන්
විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ
රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම
හෝ ස්ථානගත කිරීම නොකළ යුතු බව මෙම
මස 4 වැනිදා නිකුත් කළ නව ගැසට් නිවේදනයේ
සඳහන් කර ඇත. මෙම නියෝගයේ නම් කරන
ලද බලයලත් නිලධාරියකු විසින් අනුමත කරන
ලද ඝාතකාගාරයක හැර අනෙකුත් ඝාතකාගාරයක මස් පිණිස ඌරන් ඝාතනය කිරීම නොකළ යුතුය. අදාළ රෝගය හේතුවෙන් මරුමුවට පත් වූවා හෝ ආසාදිත වූවා යැයි සැකයට පාත්‍ර වූ යම් සතකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනස් කිසියම් අවදානමකට ලත් වූ ද්‍රව්‍ය ජලය සම්බන්ධ කිසිදු ස්ථානයක් දැමීම සිදු නොකළ යුතුය.
ඌරන් ඇති කරන ගොවීන් දැනුවත් කළ අතර ඔවුන්ගේ ඌරු ගොවිපළ ආශ්රිත සියලු තොරතුරු ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණ ලියාපදිංචි කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටී.
(හොරණ චමිලා අල්විස්)
0 Comments