මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කෝටි 500ක වාහන වංචාවක් ගැන
කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහත්තයා ලබන 29 වැනිදා උසාවියට එන්න කියලා අට දෙනෙකුට නොතීසි යැව්වා. ඒ මොකද?
මේ අය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට බොරු තොරතුරු දාලා මහා වාහන වංචාවක් කරලා. මෙතනදී රජයට රුපියල් කෝටි 500කට වැඩි බදු මුදලක් අහිමි වෙලා තියෙනවා.
මොකද වුණේ කියනවා නම්:



1999 ඉඳලා 2024 වෙනකන් රේගුවෙන් හොරට සුඛෝපභෝගී වාහන ගෙනැල්ලා
2015න් පස්සේ ගෙනාපු වාහන, 2005ට කලින් ගෙනාපු පරණ වාහන විදියට පෙන්නලා
මේ විදියට වාහන 200ක් විතර ලියාපදිංචි කරලා

අල්ලස් කොමිසමේ නිලධාරීන් රහසිගතව මේක හොයාගෙන, දැන් වාහන 20ක් අත්අඩංගුවට අරගෙන රේගුවට භාර දීලා.
චෝදනා ලැබිලා තියෙන අට දෙනා:

  • බන්දුල ජයසිංහ - නියෝජ්‍ය කොමසාරිස්
  • රෝහිත සමරවීර - පරිගණක වැඩසටහන් සම්පාදක
  • උපුල් ප්‍රියන්ත - වාහන පැවරුම් අංශයේ නිලධාරී
  • හේමන්ත මුත්තුංග - වාහන පැවරුම් අංශයේ නිලධාරී
  • චන්න රෝහිත - වාහන පැවරුම් අංශයේ නිලධාරී
  • ප්‍රියංගනී සිරිමාන්න - වාහන පැවරුම් අංශයේ නිලධාරිනී
  • ටී.බී. ඊරියගම - වාහන ආනයනකරු
  • නලින්ද මහේෂ් කුමාර - වාහන ආනයනකරු




මේ සිද්ධියට 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ 1994 අංක 20 දරන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබෙන්න පුළුවන්. ලබන 29 වෙනිදා මේ නඩුව ආයෙත් අහනවා.