දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ලකුණු 42කට දැවී ගියේය.
මීට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1994 වසරේ පාකිස්තානයට එරෙහිව මහනුවරදී ලබාගත් ලකුණු 71යි.
එය ටෙස්ට් තරගයක පළමු ඉනිමේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට සමාන වූ අතර දකුණු අප්‍රිකාව විසින් කණ්ඩායමක් දවාලූ අඩුම ලකුණු සංඛ්‍යාව ද විය.
සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 42කදී බිඳ දැමීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වූයේ, කමිඳු මෙන්ඩිස් ලබා ගත් ලකුණු 13 ය.
පන්දු යවන්නෙකු වන ලහිරු කුමාර නොදැවී ලකුණු 10ක් රැස් කළ අතර නායක ධනන්ජය ද සිල්වා ලකුණු 7කට දැවී ගියේ ය.
සෙසු සියලු පිතිකරුවන් දැවී ගියේ, ලකුණු 5කටත් අඩුවෙන් වූ අතර ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ගණන 5කි.
දිනේෂ්චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ය.
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මාර්කෝ ජැන්සන් මෙහිදී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය.
පන්දු වාර 6.5ක් ක්‍රියාත්මක කරමින් ඔහු ඒ සඳහා ලබා දුන්නේ, ලකුණු 13ක් පමණි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දු වාර 13.5කට සීමා විය.
තරගයේ ලකුණු සටහන පහතින්
0 Comments