කොළඹ කොටුවේ ඉදි­කි­රීම් අත්­හැර දමා ඇති මහල් 60කින් යුත් The One Trash works ක්‍රිෂ් ගොඩ­නැ­ඟිල්ල මහ­ජන පීඩා­වක් සිදු නොවන අයු­රින් පව­ත්වා­ගෙන යා යුතු බව කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය එම සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට ඊයේ (13) නියෝ­ග­යක් නිකුත් කළාය.



කොන්දේසි සහිත ආඥා­වක් නිකුත් කර­මින් මේ බව කියා සිටි මහේ­ස්ත්‍රා­ත්ව­රිය කිසිදු ද්‍රව්‍ය­යක් පහ­ළට නොවැ­ටෙන අයු­රින් සහ මහ­ජන පීඩා­වක් නොවන අයු­රින් එම ගොඩ­නැ­ඟිල්ල පව­ත්වා­ගෙන යා යුතු වන බවත්, පහ­තට වැටෙන සහ වැටිය හැකි අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසත් නියෝග කර සිටි­යාය.

යම් දේප­ළක් පහ­තට වැටී­මෙන් මහ­ජ­න­තාව පීඩා­වට පත්විය හැකි තත්ත්ව­යක් තිබේ නම් ඒ සඳහා සුදුසු වැඩ­පි­ළි­වෙ­ළක් යොදන ලෙසත් මේ කොන්දේසි සහිත ආඥාව නිකුත් කර­මින් එම සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට මහේ­ස්ත්‍රා­ත්ව­රිය දන්වා සිටි­යාය.

එහිදී එම සමා­ගම වෙනු­වෙන් නීතිඥ හෂිනි ඈපා මහ­ත්මිය අධි­ක­ර­ණ­යට දන්වා සිටියේ දැන­ට­මත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කර­මින් සිටින බවය. නීති­මය බාධා­වක් තිබෙන නමුත් මහ­ජන පීඩා­වක් ඇති විය හැකි බැවින් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන බව කියා සිටි නීති­ඥ­ව­රිය ලබන 27 දින අධි­ක­ර­ණ­යට කරුණු දක්වන බව ද කියා සිටි­යාය.

එම සමා­ගමේ පරි­පා­ලන නිල­ධා­රි­නිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන් සිව්දෙ­නෙක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.



එම ගොඩ­නැ­ඟිල්ල අනා­ර­ක්ෂිත බවට කොටුව පොලී­සිය අධි­ක­ර­ණ­යට කළ කරුණු දැක්වී­මට ලද නොතී­සි­යක් අනුව එම සමා­ගමේ පරි­පා­ලන නිල­ධා­රි­නිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන් ඊයේ විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

නිවාස සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රි­යකු, එම ගොඩ­නැ­ඟිල්ලේ තහ­ඩු­වක් වැටුණු කාර් රථයේ හිමි­කරු, රථ ගාලේ හිමි­කරු, කඩ හිමි­ක­රු­වකු පොලී­සිය කළ දැනුම් දීම­කට අනුව අධි­ක­ර­ණ­යට පැමිණ තිබිණි.

ප්‍රශ්න­ගත එම සමා­ගමේ ගොඩ­නැ­ඟිල්ල හේතු­වෙන් විශාල මහ­ජන පීඩා­වක් සිදු වන බව කිය­මින් කොටුව පොලී­සිය පසු­ගි­යදා (11) කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය හමුවේ කළ කරුණු දැක්වී­මට අනුව සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රුන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.



ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 98 වග­න්තිය යටතේ කොටුව පොලී­සිය එම කරුණු දැක්වීම සිදු කළේය.

පසු­ගිය ඔක්තෝ­බර් මස 06 වැනිදා එම ස්ථාන­යට ආස­න්නයේ නවතා තිබූ මෝටර් රථ­යක් මතට එම ගොඩ­නැ­ඟිල්ලේ යකඩ කොට­සක් කඩා වැටුණු බවත් පසු­ගිය 08 වැනිදා රාත්‍රියේ ද එහි තිබූ යකඩ කොට­සක් කඩා වැටුණු බවත් එම අව­ස්ථාවේ කාර්යාල සේව­ක­යන් මෙන්ම රථවාහන ද එම ස්ථාන­යෙන් ගම­න්ගත් බවත් පොලී­සිය බී වාර්තා­වක් මඟින් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.
(සුභා­ෂිණී සේනා­නා­යක)