ඊයේ (23) රාත්රී ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ පවත්වන්නට යෙදුණ සුප්රසිද්ධ ABBA සංගීත ප්රසංගය බලන්නට ශ්රී ලංකාවේ අභිනව අගමැතිනි හරිනි අමරසූරිය සැහැල්ලු ඇඳුමකින් සැරසී පැමිණ සිටියාය. ඇයට අමතරව මාලිමා පක්ෂයේ ටිල්වින් සිල්වා හා තවත් දෙන්නෙකුද මෙම අවස්ථාවට එක් වූහ.
දේශපාලන ආරංචි සඳහන් කරන්නේ අධික වැඩ සහිතව පැවති දේශපාලන මැතිවරණ කාලය ජයග්රහණයෙන් පසු සැහැල්ලු මනසින් විවේකයක් ගැනීමට මොවුන් මෙම අවස්ථාවට එක්වූ බවයි.
ABBA මෙහි පැමිණ සංගීත ප්රසංගයක් පැවැත්වීම විශේෂිත වන අතර කලකට පසු ලංකාවේ පැවති සුවිශේෂ පිළිගැනීමක් ඇති සංගීත ප්රසංගයක් විය.
ABBA යනු ස්වීඩනයේ ප්රසිද්ධ පොප් සංගීත කණ්ඩායමකි. මෙම කණ්ඩායම 1970 දශකයේ සිට ක්රියාත්මක වූ අතර එහි සාමාජිකයන් වන්නේ Agnetha Fältskog, Björn Ulvaeus, Benny Andersson සහ Anni-Frid Lyngstad ය.
1982 දී කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසු, 2021 දී ඔවුන් "Voyage" නමින් නව ඇල්බමයක් නිකුත් කළේය. මෙය වසර 40කට පසු ඔවුන්ගේ පළමු නව ඇල්බමයයි. නව ඇල්බමයේ "I Still Have Faith in You" සහ "Don't Shut Me Down" වැනි ගීත ඇතුළත් විය.
2022 දී සිට මේ දක්වා ABBA Voyage නමින් ලොව පුරා සංගීත ප්රසංග පැවැත්වීමද ඔවුන් නැවත ආරම්භ කර තිබුණි.
Dancing Queen, Mamma Mia, Take a Chance on Me,The Winner Takes It All, Waterloo වැනි ගීත නිසා ප්රකට මෙම කන්ඩායමේ ගීත අදටත් ලොව පුරා ජනප්රිය වේ.පළමු සාමාජිකයින් 04 දෙනාම තවම ජීවතුන් අතර සිටින අතර වයස 73-78 අතර පසුවෙති. නමුත් ප්රසංග සඳහා ඇතැම් විට ඔවුන් එක්වන්නේ සජීවී විඩියෝ මගිනි. නියෝජිත කණ්ඩායමක් මුල් ගීත ගයති.
0 Comments