බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරග කළ වතු කම්කරු මවුපිය යුවළකගේ දියණියක වන අම්බිගා සැමුවෙල් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කලේ වතු හාම්පුතුන්ගේ රාජකීය සැලකුම් ලබන රජවරු ලෙස වැජඹුන වතුනායකයින්ය. ඔවුන් අඩුතරමින් කම්කරු දෛනික වැටුප ඉහළ නංවාලීම වැනි ප්‍රශ්නයක් ගැනවත් උවමනාවෙන් කටයුතු කළ බවක් නොපෙනිණි.
මෙරට මැතිවරණ ඉතිහාසයේ වතු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියක් තේරී පත්වූ පළමු අවස්ථාව සිදුවන්නේ මෙවරය. මනාප 58201ක් ලබා බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ තුන්වැනි වැඩිම මනාප ලබාගත් අම්බිගා සැමුවෙල් වතු නිවාසයක දීර්ඝ කාලයක් පදිංචිව සිටි අයෙකි.
ඇය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කරද්දී පළවූ ප්‍රතිචාර වලින්ද කියැවුනේ ඇයගේ දේශපාලන ප්‍රවේශය අතිශය විප්ලවකාරී එකක් බවය.
ඇය කෙලෙස හෝ පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට සංවාදයක්ද පැනනැගී තිබුණි.
එම බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඇයට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලැබුණි.
පහත පළවන්නේ මැතිවරණයට පෙර ඇය වෙනුවෙන් ෆේස්බුක්හි පළවූ කොමෙන්ටු කිහිපයකි.
ජාතිවාදය කුඩු පට්ටම් කරපු චරිතයක් 💛
හැමදාම රැවටුනු බදුල්ලෙ අහිංසක දමිළ ජනතාවට ගැලවීමට මගක් නිර්මාණය වෙලා තියනවා ඒ මිනිස්සුන්ගෙ අතේ තමා තියෙන්නෙ.ඒගන්න තීරණේ මුලු රටටම බලපානවා ❤️
පීඩකයින්ගේ යටිපතුල්තුල සිරවූ කඳුකර දමිළ වතු කම්කරු ජනතාවගේ ගැලවුම් කාරිය,උන්ගේ පන්තියෙන්ම බිහිවූ වීරවරිය සුභ පැතුම් සෙහෙයුරිය ඔබට දියවන්නා තරණයට..!
"ජයේන් ජයම වේවා ඔබ තුමියට අපි ඔක්කොම ස්‍රි ලාංකිකයෝ කදු කරයේ සිංහ දේනුව ❤️❤️❤️❤️"
0 Comments