දින තිහක් සඳහා මෙරටට පැමිණි වයස අවුරුදු (30) ක් වන ඇමෙරිකානු ගැබිනි කාන්තාවකගේ භාණ්ඩ සහිත ගමන් මල්ල 25 වැනිදා සොරාගෙන පලාගොස් සිටි පුද්ගලයකු එම භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස සංචාරක පොලිස් කොට්ඨාසය කියයි.
මෙම කාන්තාව මෙරට සංචාරයක් සඳහා පැමිණ අගුලාන දුම්රියපොළ අසලට ත්රිරෝද රථයකින් පැමිණ සිටි අතරවාරයේ සුපිරි වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා කැඳවාගෙන ගොස් ඇය භාණ්ඩ තෝරන අතර ගමන් බලපත, කැමරා, අත්හැරලෝසු, ඇඳුම් පැළඳුම් සහිත ගමන් මල්ල රැගෙන 25 වැනිදා සවස පලාගොස් තිබූ බව පොලිසිය කළ පරික්ෂණවලදී හෙළිවී ඇත.
ගල්කිස්ස සංචාරක පොලීසිය වෙත පැමිණ පැමිණිලි කරනු ලැබ ඇති අතර වහාම ක්රියාත්මක වූ සංචාරක පොලිස් මුරපොළේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නයනකීර්ති මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සුපිරි වෙළෙඳසලේ සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර හඳුනාගත් එම සැකකරු පෙරේදා 26 දින සොරාගත් දේපළ සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.සැකකරු අගුලාන ප්රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (28) ක පුද්ගලයකු බවත් පොලිසිය පැවසීය.
(එච්.එම්. ධර්මපාල)
0 Comments