anura-kumara-election-parliament-victory-bbc

බීබීසී ලෝක සේවා රූපවාහිනී නාලිකාව මීට පැයකට පමණ විකාශය කළ වාර්තාවකින් ශ්‍රී ලංකා මහමැතිවරණයේ සුවිශේෂ ජයග්‍රහණය ගැන විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.
එහි කියැවෙන කරුණූ වල සිංහල පරිවර්තනය හා එම වීඩියෝ වාර්තාව පහතින්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතරය දිනාගෙන ඇති අතර 2/3 ක  ජයග්‍රහණය කරා ගමන් කර තිබේ. වාමාංශික ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්දවලින් 60%කට වඩා ලබාගෙන ඇත. සැප්තැම්බර් මාසයේදී දූෂණයට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වී ජනාධිපති ලෙස තේරී පත්වූ දිසානායක මහතාට මෙය සුවිශේෂී ජයග්‍රහණයකි.

අපගේ දකුණු ආසියානු කලාපීය සංස්කාරක අනන් බරිසන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම මැතිවරණ ජයග්‍රහණය වැදගත් වන්නේ ඇයි යන්න පැහැදිලි කරන්න?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සන්ධානයට මෙය අභූත ජයග්‍රහණයකි. අවසාන ප්‍රතිඵල අනුව ඔවුන් තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන ඇත. පළමුවෙන්ම කිවයුත්තේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් පවතින අතර එමඟින් බොහෝ බලතල හිමිවේ. දැන් ඔහු පාර්ලිමේන්තුවද පාලනය කරන බැවින් ආර්ථික හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එය උපකාරී වේ.



වැදගත්ම කරුණ නම් ස්ථාපිත දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ අප්‍රසාදයයි. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිකාවේ සම්පූර්ණ පරිවර්තනයකි. රාජපක්ෂවරුන් සහ වික්‍රමසිංහවරුන් සහ ස්ථාපිත දේශපාලන පක්ෂවලින් දේශපාලනය ආධිපත්‍ය දැරූ බව අපි දන්නවා. දිසානායක මහතාගේ පක්ෂයට පෙර පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමණක් තිබුණ අතර දැන් 159ක් පමණ ඇත. එමඟින් ජනතාව සැබෑ වෙනසක් අපේක්ෂා කළ බව පෙන්නුම් කරයි.

ඔහුගේ ප්‍රධාන මැතිවරණ ස්ථාවරය කුමක්ද? ඇයි ජනතාව මෙතරම් සංඛ්‍යාවකින් ඔහුට ඡන්දය දුන්නේ?

ඔහු යහපාලනය පොරොන්දු වූ අයෙක්. 2022දී විශාල මූල්‍ය අර්බුදයට තුඩු දුන් දූෂණය ගැන ජනතාව පැමිණිලි කළා. විදේශ විනිමය සංචිත හිඟවීමෙන් පසු ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළා. එය ආහාර හා ඉන්ධන හිඟයට තුඩු දුන් අතර ජනතාව පෝලිම්වල සිටියා. එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරි විශාල විරෝධතා ව්‍යාපාරයක් බවට එය පරිවර්තනය වුනා.

ඔහු මේ සෑම අවස්තාවකම යහපාලනය පොරොන්දු වූ අයෙක්. රට ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. ලෝක බැංකුව අනුව මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය දෙගුණ වී ඇති බැවින් ඔහු ජනතාවගේ සුබසාධනය ගැනද කතා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිලියන 3ක ණය මුදලක් ලබා දුන් අතර එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී විය.

දැන් ඔහු සුබසාධන ප්‍රතිපත්ති ගැන කතා කරන අතරම රජය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වනු ඇත.

ඉදිරියේදී විශාල ආර්ථික අභියෝග ඇත. පළමුවෙන්ම බොහෝ ශ්‍රී ලාංකිකයන් පැමිණිලි කරන දෙයක් නම් ජීවන වියදම ඉහළ යාමයි. පාන් රාත්තලක්, කිරි පිටි හෝ සහල් මලු වසර කිහිපයකට පෙර තිබූ මිලට වඩා වැඩි මිලක් දැන් වැය වේ. ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙන බැවින් විශාල වෙනසක් අපේක්ෂා කරනවා. ඔවුන් ඔහුගෙන් ආර්ථිකය ගැන වැඩ කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ ඡන්දයෙන් පෙන්වන්නේ ඒඅපේක්ෂාවන් ඉතා ඉහළ බවය.
ඔහු එය කරාවිද?
එය ඔහුට අභියෝගයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ බිලියන 40කට වැඩි විදේශ ණය, ද්විපාර්ශ්වික ණය මෙන්ම ජාත්‍යන්තර ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇත. ඔවුන් ආපසු ගෙවීම ආරම්භ කරන විට සැබෑ ආර්ථිකය අපහසුතාවයට පත්වනු ඇත. එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අභියෝගයකි. ජනතාව බලා සිටින වැදගත්ම කරුණ ආර්ථිකයයි. ජනාධිපතිවරයා එය කෙසේ විසඳනු ඇත්ද යන්න දැකීම වටී. නමුත් ඔහුට බලය ඇත, පාර්ලිමේන්තුව ඇත, දැන් සිදුකළ යුත්තේ ඔහු ගෙන එන වෙනස්කම් දැක බලා සිටීමය.