අද 10 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අරඹමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමග රාජාසන කතාව සිදුකළ අනුර කුමාර ජනපතිවරයා ඉදිරියේදී කරන්නට යන දේවල් ගැන පැහැදිලි කිරීමක් කළේය.
ඒ මෙසේය.
දශක ගණනාවක් පුරා දේශපාලන කඳවුරු දෙකක පැවති බලය අප වෙත ලැබීම විශේෂ අවස්ථාවකි. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන සියලු ප්‍රදේශවල ජන කොටස් මෙම ජනවරමට දායක වී ඇත.
ප්රජාතන්ත්රවාදය යනු එක් පක්ෂයක් හෝ එක් මතයක් වටා ජනතාව රැස් කිරීම නොවේ. සියලු ජන කණ්ඩායම් අප කෙරෙහි විශ්වාසය තබා බලය ලබා දී ඇත. ඒ සියලු දෙනාට අපගේ කෘතඥතාව පළ කරමු. එමෙන්ම අප කෙරෙහි විශ්වාසය නොතැබූ වෙනත් කඳවුරුවල සිටින ජනතාවද සිටිති. එය ප්රජාතන්ත්රවාදී අයිතියකි. එබැවින් අපට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කිරීම අපගේ වගකීමකි.
ජනපති මෙම කතාවේදී විස්තරාත්මකව කී ප්‍රධාන කරුණු කෙටියෙන් මෙසේය.
1. ජාතික සමගිය ගොඩනැගීමේ වැදගත් අවස්ථාවක් උදා වී ඇත. ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට ඉඩ නොදෙන බවට ප්‍රතිඥා දෙයි.
2. පාර්ලිමේන්තුව:
- ජනතාවට සමීප ආයතනයක් බවට පත් කෙරේ
- රහස්‍යභාවයෙන් තොර විවෘත ආයතනයක් වනු ඇත
3. රාජ්‍ය සේවය:
- කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කෙරේ
- රාජ්‍ය සේවකයින් හා ජනතාව යන දෙපාර්ශවයම තෘප්තිමත් වන පරිදි සකස් කෙරේ
4. ආර්ථික උපාය මාර්ග:
- භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම
- ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම
- ජාතික ධනයේ ප්රතිලාභ සාධාරණව බෙදා හැරීම
5. සුභසාධන වැඩසටහන්:
- දුප්පත්කම තුරන් කිරීමේ දීමනා වැඩි කිරීම
- පාසල් පොත් සඳහා දීමනා
- ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන්
- රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම
- ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂ සහන
6. සංවර්ධන ඉලක්ක:
- සංචාරක ආදායම ඩොලර් බිලියන 8 දක්වා වැඩි කිරීම
- තොරතුරු තාක්ෂණ අපනයන ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම
- ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම
- කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය නවීකරණය
7. මූල්‍ය කළමනාකරණය:
- IMF එකඟතා අනුව කටයුතු කිරීම
- දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම
- 2024 පෙබරවාරි මාසයේ නව අයවැය ඉදිරිපත් කිරීම එතෙක් අතුරු සම්මත ගිණුමක් ලබන මස සම්මත කරගැනීම
0 Comments