මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ (NPP) ජයග්‍රහණය වළක්වාලීමට හැකි වූ එකම දිස්ත්‍රික්කය බවට මඩකලපුව පත්විය.
මුළු රටේම තිබෙන මැතිවරණ දිස්ත්‍රික්ක 22න් NPP පරාජය වූ එකම දිස්ත්‍රික්කය බවට මඩකලපුව පත්වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය ඡන්ද 96000 ට වැඩි ගණනක් ලබාගනිමින් ආසන පහෙන් තුනක් දිනා ගත්තේය.
තරුණ හා ක්‍රියාශීලී සානක්‍යයන් රාසමානික්කම් 65,468ක මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මඩකලපුව ඉතිහාසයේ කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් ඉහළම මනාප සංඛ්‍යාව වාර්තා කළේය. මීට පෙර වාර්තා වූ ඉහළම මනාප සංඛ්‍යාව 57,000කි.
ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වූ අපේක්ෂකයා ලබා ගත්තේ මනාප 22,000ක් පමණි. එය මනාප 43,000ක පරතරයකි.
යාපනයේදී NPP පක්ෂයට ආසන තුනක් හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි වූයේ එක් ආසනයක් පමණි. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ඇතුළුව මුළු ආසන අටක් දිනා ගත්තේය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975
ජාතික ජන බලවේගය – 55,498
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139
තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286
සමගි ජන බලවේගය – 22,570
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
1. සානක්‍යයන් රාසමාණික්‍යම් – 65,458
2. ඥානමුත්ති ශ්‍රීනේෂන් – 22,773
3. ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202
ජාතික ජන බලවේගය
1. කන්දසාමි ප්‍රභූ – 14,856
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
1. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – 32,410
0 Comments