biyagama-incident

යුද හමුදා කඳ­වුරේ රාජ­කා­රියේ යෙදී සිටින අත­ර­තුර කෙටි නිවාඩු ලබා ගෙන කඳ­වු­රෙන් පිටතට පැමිණ යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් මහ­මඟ සිටින කාන්තා­වන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල­කෑ­ම්වල නිර­තව සිටි බව කියන යුද හමුදා කෝප්‍ර­ල්ව­ර­යකු හා ලාන්ස් කෝප්‍ර­ල්ව­ර­යකු ඔවුන් ගමන් ගත් ස්කූටි වර්ගයේ යතු­රු­පැ­දි­යත් සමඟ පෙරේදා (19) අත්අ­ඩං­ගු­වට ගත් බව බිය­ගම පොලී­සිය පව­සයි.



මෙම හමුදා සාමා­ජි­ක­යන් විසින් කාන්තා­ව­ක­ගෙන් කොල්ල කෑ බව කියන රන්මා­ල­යක් උකස් කළැයි කියන ලාන්ස් කෝප්‍ර­ල්ව­ර­යෙකු ද අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය කියයි.

මෙම සැක­ක­රු­වන් තිදෙනා වේය­න්ගොඩ යුද හමුදා කඳ­වුරේ රාජ­කා­රීයේ යෙදී සිටින සෙබ­ළුන් බව ද පොලී­සිය පව­සයි.

සැක­ක­රු­වන් මංකො­ල්ල­කන ලද ලක්ෂ දහ­යක් පමණ වටිනා රන්මාල තුනක් නිට්ට­ඹුවේ රන් භාණ්ඩ උකස් ආය­ත­න­ය­කට හා වේය­න්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛා­වට උකස් කර තිබී සොයා ගත් බවද පොලී­සිය සද­හන් කරයි.

ඉකුත් 16 වැනිදා පස්ව­රුවේ බිය­ගම නිද­හස් වෙළෙඳ කලා­පයේ රැකි­යාව කරන ඇඟ­ලුම් සේවි­කා­වක් සේවා වැඩ­මු­රය නිම­විය.

නේවා­සි­කා­ගා­රය වෙත පයින් යමින් සිටි­යදී ස්කූටි වර්ගයේ යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු ඇයගේ ගෙල බැඳ තිබූ රුපි­යල් ලක්ෂ තුනක් පමණ වටිනා රන්මා­ලය කඩා ගෙන පලා­ගොස් තිබුණි.



ඒ සම්බ­න්ධ­යෙන් තල­ව­කැලේ පදිං­චි­කා­රි­යක් වන එම තැනැ­ත්තිය කළ පැමි­ණි­ල්ලට අනුව වහාම ක්‍රියා­ත්මක වූ එහි අප­රාධ මර්දන විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරි­ක්ෂක ඩී.පී.එස්.එල්. මුතු­කු­මා­රණ මහතා ඇතුළු නිල­ධා­රීන් විම­ර්ශන පවත්වා සැක­ක­රු­වන් හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ස්කූටි වර්ගයේ යතු­රු­පැ­දි­ය­කින් යමින් සිටි එක් අයකු බිය­ගම අධි­වේගී මාර්ගයේ පිවි­සුම අස­ලදී අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කිරී­මේදී ඔහුගේ මුදල් පසු­ම්බියේ තිබී රන්මා­ල­යක කෑල්ලක් සොයා ගැනී­මට හැකි­වී­මෙන් පසුව මේ රන්මාල කොල්ල­කෑම අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බවද පොලී­සිය කියයි.

මෙහිදී අත්අ­ඩං­ගු­වට ගත් එම පුද්ග­ලයා යුද හමු­දාවේ කෝප්‍ර­ල්ව­ර­යෙකු බවට හඳුනා ගත් අතර පසුව ඔහුගේ තොර­තුරු මත මීට සම්බන්ධ සෙසු ලාන්ස් කෝප්‍ර­ල්ව­රුන් දෙදෙනා ද අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය කියයි. අත්අ­ඩං­ගු­වට ගත් මේ තිදෙ­නාම වේය­න්ගොඩ යුද හමුදා කඳ­වුරේ සේවයේ නියුතු තංගල්ල, නාව­ල­පි­ටිය හා වල­ස්මුල්ල යන ප්‍රදේ­ශ­වල පදිංචි අවු­රුදු 30ත් 35ත් අතර වියේ පසු­ව­න්නන් වන අතර ඔවුන් මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.
(මල්වාන - මහා­නාම විතා­නගේ)