Supporters-of-Rishad-Badiuddin-Kader-Mastan-clash

වන්නි දිස්ත්‍රි­ක්කයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙදෙ­නකු වන රිෂාඩ් බදි­යු­දීන් හා කාදර් මස්තාන් යන දෙදෙ­නාගේ ආධා­ර­ක­රු­වන් අතර ඇතිවූ ගැටු­ම­කින් තුවාල ලැබූ පුද්ග­ල­යන් තුන් දෙනකු පෙරේදා (11) රාත්‍රියේ වවු­නි­යාව මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි වවු­නි­යාව පොලී­සිය පව­සයි.

මෙම ගැටු­මේදී රිෂාඩ් බදි­යු­දීන් මහ­තාගේ සහා­යට පැමිණි වාහන තුන­කට හා රිෂාඩ් මන්ත්‍රී­ව­ර­යාගේ වාහ­න­යට ද අලා­භ­හානි සිදුව තිබේ. රිෂාඩ් බදි­යු­දීන් මහතා වාහ­නය තුළ සිටි­ය­දීම ඔහුගේ වාහ­න­යට ප්‍රහාර එල්ල කර එම වාහ­න­යට දැඩි අලා­භ­හානි සිදු කර ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.
වවු­නි­යාවේ පට්ටා­නි­ච­පු­ලි­ය­න්කු­ලම ප්‍රදේ­ශ­යේදී කාදර් මස්තාන් මහ­තාට ආධාර පිණිස රැස්වී­මක් සංවි­ධා­නය කර ඇති අතර එම රැස්වී­මට යතු­රු­පැ­දි­ව­ලින් ගිය රිෂාඩ් බදි­යු­දීන් මහ­තාගේ ආධා­ර­ක­රු­වන් පිරි­සක් රැස්වී­මට සහ­භාගි වී සිටි පිරි­සට

තර්ජ­නය කර පහර දීමට ද තැත් කර තිබූ බව පොලී­සිය කියයි.

රැස්වීමේ සිටි පිරි­සෙන් ඔවුන්ට දැඩි විරෝ­ධ­යක් එල්ල­වී­මත් සම­ඟම ඔවුන් පැමිණි යතු­රු­පැ­දි­ව­ලින්ම ආපසු පලා ගොස් තිබේ. මේ සිද්ධි­යෙන් කුපිත වූ මස්තාන් මහ­තාගේ ආධා­ර­ක­රු­වන් මඟ රැක සිට රිෂාඩ් බදි­යු­දීන් මහ­තාගේ පිරි­සක් වාහ­න­ව­ලින් පැමි­ණෙ­මින් සිටි­යදී පහර දීම සිදු කොට තිබේ.

සිද්ධි­යත් සම­ඟම එම ස්ථාන­යට පැමිණි වවු­නි­යාව පොලී­සියේ නිල­ධා­රීන් සිද්ධිය සම­ථ­ය­කට පත්කොට කාදර් මස්තාන් මහ­තාගේ රැස්වීම සුපු­රුදු පරිදි පව­ත්වා­ගෙන යෑමට ඉඩ සලසා දී තිබේ.

මෙම පහර දීම සම්බ­න්ධ­යෙන් මේ වන විට දෙපා­ර්ශ්ව­යෙන්ම පැමි­ණිලි ලැබී ඇති බව ද පොලී­සිය කියයි.

(රසුල දිල්හාර ගමගේ)