සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලීසියේ නිලධාරීහු කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට දමා හරස්කර එම සැකකරු මුදා ගැනීමට උත්සාහ දැරූ කාන්තාවන් හතරක්, පාසල් සිසුවකු ඇතුළු සැකකරුවන් 5ක්, ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පරසන්ගස්වැව මැදගම ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57, 45, 38, සහ 34 වියේ පසුවූ කාන්තාවන් 4ක් සහ 12 හැවිරිදි පාසල් සිසුවෙකි. අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ශ්‍රීමාල් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඉකුත්දා පොලිස් ජීප් රථයකින් පරසන්ගස්වැව සියඹලාගස්වැව පන්සල අසලට ගොස් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී,
මෙම ප්රතිවිරෝධය සහ බාධා කිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකෑමේ, සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යෑමේදී මැදගම, සියඹලා ගස් පන්සල අසලදී පැමිණි එම සැකකරුගේ ආච්චි, සීයා, පුංචි, ඇතුළු විස්සකට අධික පිරිසක් පොලීසියේ මඟ හරස් කර, පහරදීමට තැත් කර රාජකාරියට බාධා එල්ල කර විරෝධය පා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(අනුරාධපුර - බී.ජී. චතුරංග)
0 Comments