
තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගවල රථ වාහන ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු තහනම් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
2024 දෙසැම්බර් මස 15 වැනි දිනෙන් පසු තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්රියාමාර්ග ගනු ඇති බව ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බැවින් ලබා දී ඇති කාලය අවසන් බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබාගෙන නැති නම් එම අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙස ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා දන්වා සිටියි.
තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය ද 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
(සුභාෂිණී සේනානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval