A-lesson-for-the-three-students-who-brought-alcohol-to-the-principal's-retirement-party

ගලි­ග­මුව කොට්ඨාස අධ්‍යා­පන කාර්යා­ල­යට අයත් මහා විද්‍යා­ල­යක විදු­හ­ල්ප­ති­ව­ර‍ෙ­යක් විශ්‍රාම ගැනීම නිමි­ත්තෙන් සංවි­ධා­නය කළ සාද­යක් සදහා නීති විරෝධී මත්පැන් රැගෙන විත් පාසලේ ලාච්චු­වක සඟවා ගෙන සිටි බව කියන උසස් පෙළ සිසුන් තිදෙ­නකු සිය භාර­යට ගෙන අව­වාද කර මුදා­හැරි බව කෑගල්ල පොලී­සිය කියයි.



එම විදු­හලේ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නිය විසින් සිදු කරනු ලැබූ දැනු­වත් කිරී­මට අදා­ළව ගොස් එම සිසුන් සහ අදාළ නීති විරෝධී මත්පැන් සිය භාර­යට ගත් බව පොලී­සිය සඳ­හන් කළේය.

පොලිස් භාර­යට ගෙන මුදා­හැර ඇති ශිෂ්‍ය­යින් තිදෙනා කෑගල්ල කලාප කාර්යා­ල­යට අයත් ගලි­ග­මුව කොට්ඨාස අධ්‍යා­පන කාර්යා­ලය යටතේ පව­ත්වා­ගෙන යන මහා විද්‍යා­ල­යක අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විෂ­යන් හදා­ර­මින් සිටින සිසුහු වෙති. අදාළ විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා ඊයේ (12) විශ්‍රාම ගැනී­මට නිය­මි­තව තිබූ අතර, මොවුන් සාද­යක් දැමී­මට යැයි කිය­මින් මෙම මත්පැන් ගෙනැ­විත් විද්‍යා­ලයේ පන්ති කාම­ර­යක කබඩ් එකක සඟවා තිබී ඇතැයි පැවසේ.



නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නිය එම කඩබ් එක විවෘත කර පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන යන වතුර බෝත­ල­යක තිබී නීති විරෝධී මත්පැන් සොයා­ගෙන තිබූ බවද පොලී­සිය පව­සයි.

පසුව කෑගල්ල පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නාලක මාගෙ­ද­ර­ගම මහ­තාගේ උප­දෙස් පරිදි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ගොස් දරු­වන් තිදෙනා හා මත්පැන් බෝත­ලය පොලිස් භාර­යට ගෙන කෑගල්ල මූල­ස්ථාන පොලි­සිය වෙත රැගෙන පැමිණ තිබුණි. පසුව පොලී­සිය ශිෂ්‍ය­යින්ගේ මවු­පි­යන් පොලි­සි­යට කැඳවා ඔවුන්ට කරුණු කාරණා පැහැ­දිලි කර ශිෂ්‍ය­යින් තිදෙනා මවු­පි­යන්ට භාර දී ඇත.
(කෑගල්ල - චමින්ද ජය­ලත්)