7-Iranians-sentenced-to-life-imprisonment-for-smuggling-425-kilos-of-heroin-into-the-island

 ධීවර බෝට්ටු­වක සඟ­වා­ගෙන හෙරො­යින් කිලෝ 425ක් දිව­යි­නට රැගෙන එමින් සිටි­යදී නාවික හමු­දාව විසින් මට්ට­ක්කු­ලි­යට ආසන්න මුහු­දේදී අත්අ­ඩං­ගු­වට ගෙන නඩු පව­රනු ලැබූ ඉරාන ජාතික ධීව­ර­යන් 7 දෙන­කුට කොළඹ මහා­ධි­ක­ර­ණය මඟින් ඊයේ (28) ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම් නියම කෙරිණි.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආර්.එස්.එස්. සපු­විද මහතා ඉදි­රියේ ඊයේ (28) නඩුව කැඳවූ අව­ස්ථාවේ බන්ධ­නා­ගා­රය මඟින් විත්ති­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය. එහිදී චුදි­ත­යන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­ක­යන් සියලු චෝද­නා­වන්ට වරද පිළි­ගන්නා බව අධි­ක­ර­ණ­යට දන්වන ලදි.



ඒ අනුව විත්ති­ක­රු­වන් 7 දෙනාට ජීවි­තාන්ත සිර­ද­ඬු­වම් නියම කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ශ්‍රී ලංකාව සහ ඉරා­නය අතර අත්සන් කොට තිබෙන අව­බෝ­ධතා ගිවි­සුම් අනුව විත්ති­ක­රු­වන්ගේ සිර­ද­ඬු­වම් ඔවුන්ගේ මවු රට­වල පිහිටි බන්ධ­නා­ගාර තුළදී ගත­කළ හැකි පරිදි රටින් පිටි­ව­හල් කිරී­මට නියෝග කළේය.

මෙයට අම­ත­රව ඔවුන් ගම­න්ගත් බහු­දින ධීවර යාත්‍රාව රාජ­ස­න්තක කර නාවික හමු­දාව භාර­යට පමු­ණු­වන ලෙස නියම විය. දඬු­වම් නියෝග මහා­ධි­ක­රණ භාෂා පරි­ව­ර්තක නිලූ­ෂිකා තෙන්න­කෝන් මහ­ත්මිය විසින් විත්ති­ක­රු­වන්ට පහදා දෙන ලදි.

මෙලෙස බර­ප­තළ වැඩ සහි­තව ජීවි­තාන්ත සිර­ද­ඬු­වම් නියම වූයේ ඉරාන ජාතික ධීව­ර­යන් වන මොහො­මඩ් අඩ්ඩීස් ඇතුළු විත්ති­ක­රු­වන් 7 දෙන­කු­ටය.

මොවුන් 2019 වසරේ ජූනි 12 වැනිදා මුහුදු මඟින් හෙරො­යින් රැගෙන එමින් සිටි­යදී නාවික හමු­දාව විසින් කළ මෙහෙ­යු­ම­කදී මට්ට­ක්කු­ලි­යට ආසන්න මුහු­දේදී අත්අ­ඩං­ගු­වට ගන්නා ලදි. එහිදී කළ සොයා බැලී­මේදී විත්ති­ක­රු­වන් සන්ත­කයේ කිලෝ 707.69ක දළ බර සහිත හෙරො­යින් සැක­ක­රු­වන් සන්ත­කයේ තිබෙන බව සොයා ගැනිණි. සැක­පිට ඉරාන ජාතික ධීව­ර­යන් 9 දෙනකු අත්අ­ඩං­ගු­වට ගන්නා ලදි.

රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර සිටි විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්ත­රා­ය­කර ඖෂධ වර්ග (සංශෝ­ධන) පනතේ 54 (අ) වග­න්තිය යටතේ හෙරො­යින් ළඟ තබා ගැනීම හා ජාවා­රම් කිරීමේ චෝදනා යටතේ අධි­චෝ­දනා 2ක් යටතේ නඩු පව­රන ලදි. රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් විත්ති­ක­රු­වන් සන්ත­කයේ තිබී සොයා ගන්නා ලද හෙරො­යි­න්වල ශුද්ධ බර කිලෝ 425ක් හා ග්‍රෑම් 38ක් බව සිය වාර්තා මඟින් ප්‍රකාශ කර සිටි­යේය.



වසර 5කට ආසන්න කාල­යක් විත්ති­ක­රු­වන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අතර එම කාලය අතර බන්ධ­නා­ගා­ර­යේදී සජාන් ලක්ක­රි­යන් යන 2 වැනි විත්ති­කරු හා අමින් හුසේනි යන 8 වැනි විත්ති­කරු මර­ණ­යට පත්විය. අන­තු­රුව ඉතිරි විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නඩු විභා­ගය පැවැ­ත්විණි. රජයේ අධි­නී­තිඥ රවිඳු ජය­කොඩි මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය. චුදි­ත­යන්ගේ ඇඟිලි සල­කුණු ගැනී­මට හා චුදි­ත­යන් සන්ත­කයේ තිබී අත්අ­ඩං­ගු­වට ගත් හෙරො­යින් තොගය රාජ­ස­න්තක කිරී­මට නඩු භාණ්ඩ භාර­ක­රුට මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියම කළේය.