ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම Ca දක්වා පියවර තුනකින් ඉහළ නැංවිය හැකි බව මූඩීස් ආයතනය පවසයි.
මෙරට විදේශ විනිමය අර්බුදය හා පසුගිය වසර කිහිපයේදී රට සතු විදේශ ණය නැවත ගෙවීම පැහැර හැරීමේ අවදානමක් පවතින බව පවසමින් 2022 වසරේදී දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම,
ජාත්‍යන්තර ණය වර්ගීකරණය හා ආර්ථික පර්යේෂණ ආයතනයක් වන මූඩීස් ආයතනය ශ්‍රී ලංකාව B 2 මට්ටමේ සිට C aa 1 මට්ටම දක්වා පහත දැමීමට කටයුතු කර තිබිණි.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදී නැවත ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කිරීම හේතු කරගෙන මෙවර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය තීරණය කර ඇත.
ක්‍රියාවලිය හරහා ස්වෛරී ණය තිරසාරත්වය පැමිණීම වෙනුවෙන් ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ශ්‍රී ලංකාව ආරාධනා කරනු ලැබීය.
ඒ අනුව හිඟව පවතින අමෙරිකානු ඩොලර් බිලියන 12.55ක පමණ වටිනාකමින් යුත් ජාත්‍යන්ත ස්වෛරී බැඳුම්කර ප්‍රමාණයත් ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන අතර ඒ වෙනුවෙන් නව ස්වෛරී බැඳුම්කර එකතුවක් ද නිකුත් කිරීමට නියමිතය. ලක් රජය විසින් ගත් මේ තීරණය සමඟ මෙරට දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී ඒ මට්ටම දක්වා ඉහළ නැංවීමට හැකි වන බව මූඩීස් ආයතනය පවසයි. එය වර්තමානයේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගතව සිටින C aa 1 මට්ටමේ සිට පියවර තුනකින් ඉහළ නැංවීමකි.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද පළ වූ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු මත ඇති පීඩනය පහව යනු ඇති බව තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ද පසුගියදා නිවේදනය කර තිබිණි.
0 Comments