welisara-incident

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ ව්‍යාජ ලෙස පවරා ගත් බව කියන ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු සහ ව්‍යාපාරිකයකු  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.





මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 59  සහ 62 වයස්වල පසුවන වෙන්නප්පුව සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.(ගයාන් සූරිය ආරච්චි)