නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද (18) ජනපති ලේකම් කාර්යාලයේ චාම් උත්සවයක් ලෙසින් පැවති අතර ඇමතිවරු 21 ක් දිවුරුම් දෙන ලදි.
අමාත්‍ය ධූර 21
  1. අගමැතිනි හා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනී - ආචාර්ය හරිනි අමරසූරිය
  2. විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමති - එච්.එම්. විජිත හේරත් 
  3. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති - මහාචාර්ය චන්දන අබේරත්න
  4. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති - නීතීඥ හර්ෂණ නානායක්කාර
  5. කාන්තා හා ළමා කටයුතු ඇමතිනී -සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
  6. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමති- කේ.ඩී. ලාල් කාන්ත
  7. නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමති - ආචාර්ය අනුර කරුණාතිලක
  8. ධීවර ජලජ හා සාගර සම්පත් ඇමති- රාමලිංගම් චන්ද්‍රසේකරන්
  9. ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමති - මහාචාර්ය උපාලි පන්නිලගේ
  10. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති - සුනිල් හඳුන්නෙත්ති
  11. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති- ආනන්ද විජේපාල
  12. ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති - බිමල් රත්නායක
  13. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති - මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
  14. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති - වෛද්‍ය නලින්ද ජයතිස්ස
  15. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති - සමන්ත විද්‍යාරත්න
  16. තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති - සුනිල් කුමාර ගමගේ
  17. වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන ඇමති - වසන්ත සමරසිංහ
  18. විද්‍යා හා තාක්ෂණ ඇමති - මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
  19. කම්කරු ඇමති - මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
  20. බලශක්ති ඇමති - ඉංජිනේරු කුමාර ජයකොඩි
  21. පරිසර ඇමති - වෛද්‍ය ධම්මික පටබැඳි