තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතු මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතීදැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නීය.තමාට සිටි ආරක්ෂක නිලධාරීන් ගණන අඩු කිරීම මගින් එම සැකය ඇති වන බව ද සඳහන් කරන හිටපු ජනාධිපතිනිය විශ්‍රාමික ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන ජනාධිපති තමා බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ද ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බව ද සඳහන් කරන්නීය.
විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2006 සහ 2014 වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තා දන්වා ඇතැයි ද ඇය කියයි.කරුණු මෙසේ තිබියදී 50 දෙනකුගෙන් යුක්ත වූ තම ආරක්ෂක පිරිස 30 ක් දක්වා අඩු කිරීමට නියම කරඇතැයි හිටපු ජනාධිපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හමුදා නිලධාරීන් 63 ක් සහ පොලිස් නිලධාරීන් 180 කින් යුත් ආරක්ෂක නිලධාරීන් 243 ක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලිස් නිලධාරීන් 109 ක්,ගෝඨාභය රාජපක්ෂ මහතාට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175 කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200 කගේ ආරක්ෂකයන් පිරිසක් සිටිය දී තමාගේ ආරක්ෂාව අඩු කිරීමේ පදනම කුමක්දැයි හිටපු ජනපතිනිය විමසන්නීය.
අංජුල මහික වීරරත්න
0 Comments