channai-mathisha-pathirana

එළඹෙන 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක ලංසු තැබීම සඳහා නිදහස් නොකර කණ්ඩායමේම තබාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා නැගී එන වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පත් විය. ඒ මෙම තරගාවලියට ක්‍රීඩකයන් රඳවා ගැනීම පසුගියදා (31දා) අවසන් වීමත් සමගිනි. චෙන්නායි කණ්ඩායම එළඹෙන වසරේදී මතීෂ වෙනුවෙන් ඉන්දීය රුපියල් 13 ක් ගෙවීමට සූදානමින් ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45කට අධිකය.




මෙහිදී බොහෝ කණ්ඩායම්වල ක්‍රීඩකයන් පස් දෙනෙකු හෝ ඊට අඩුවෙන් රඳවා ගැනීමට කටයුතු කර ඇති අතර චීවර අනුශූරතාව දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පමණක් ක්‍රීඩකයන් හය දෙනෙකු රඳවා ගෙන ඇත. ක්‍රීඩකයන් මිලදී ගැනීම හා රඳවා තබාගැනීම සඳහා කණ්ඩායමකට වියදම් කළ හැකි සම්පූර්ණ උපරිම මිල ඉන්දීය රුපියල් කෝටි 120(රු. කෝටි 417)කි.


එළඹෙන වසරේ මාර්තු අගසිට මැයි මුල දක්වා පැවැත්වීමට නියමිතව ඇති ලොව දැවැන්තම ක්‍රිකට් ලීග් සැණකෙළිය ලෙස හැඳින්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් අගදී පැවැත්වීමට නියමිතය




එක් එක් කණ්ඩායම් රඳවා ගත් ක්‍රීඩකයෝ

චෙන්නායි සුපර් කිංග්ස්- රුටුරාජ් ගායික්වාද්, රවීන්ද්‍ර ජඩේජා, මතීෂ පතිරණ, ෂිවම් ඩුබේ, එම්.එස් දෝනි

දිල්ලි කැපිටල්ස් -ආක්ෂාර් පටෙල්, කුල්දීප් යාදව්, ට්‍රිට්සන් ස්ටබ්ස්, අභිෂේක් පෝරල්

ගුප්රාට් ටයිටන්ස්- රෂීඩ් ඛාන්, ෂුන් ගිල්, සායි සුදර්ෂන්, රාහුල් ටෙවාටියා, සෆ්‍රාස් ඛාන්

කොල්කටා නයිට් රයිඩර්ස්- ඊන්කු සිං, සුනිල් නාර්න්, වරුන් චක්‍රවර්ති, ඇන්ඩේ රසල්, හර්ෂිත් රානා, රමන්දීප් සිං

ලක්නව් සුපර් ජයන්ට් - නිකලස් පුරාන්, මායන්ක් යදාව්, රවී බිස්නෝයි, මොෂීන් ඛාන්, ආයුෂ් බදෝනි

මුම්බායි ඉන්දියන්ස්- ජස්ප්‍රිට් බුම්රා, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ, රෝහිත් ෂර්මා, තිලක් වර්මා

පන්ජාබ් කිංග්ස් - ෂෂාන්ක් සිං, ප්‍රබ්සිමාරන්

රාජස්ථාන් රෝයල්ස් - සංජු සැම්සන්, යෂස්වි

ජායිස්වාල්, ඊයාන් පරාග්, දුර්ව් ජුරෙල්, ෂිමරන් හෙට්මයර්, සංදීප් ෂර්මා

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - විරාත් කෝලි,රජාට් පටීඩාර්, යෂ් දයාල්

සන්රයිසස් හයිද්‍රාබාද් - හෙයින්රිච් ක්ලසේන්, පැට් කමින්ග්ස්, අභිෂේක් ෂර්මා, ට්‍රැස් හෙඩ්, නිටිෂ් රෙඩ්ඩි
(ඕෂිත වරකපිටිය)