doctor-accident-one-death

යාප­නයේ වඩු­ක්කෝ­ඩෙයි, බොම්බේ හන්දි­යේදී වෛද්‍ය­ව­රි­යක් විසින් පදවා ගෙන යනු ලැබූ මෝටර් රථ­යක යතු­රු­පැ­දි­යක් ගැටීම නිසා පුද්ග­ල­යකු මිය­ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වඩු­ක්කෝ­ඩෙයි පොලී­සිය කියයි.

මෙම අන­තු­රෙන් යතු­රු­පැ­දි­යට හා මෝටර් රථ­ය­ටද දැඩි හානි සිදුව තිබේ.



යතු­රු­පැ­දියේ ගමන් කළ දෙදෙනා තුවාල ලැබී­මෙන් පසුව ඔවුන් දෙදෙනා යාප­නය ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසුව එක් අයකු මිය­ගොස් තිබේ.

මෙම අන­තු­රෙන් මිය­ගොස් ඇත්තේ යාප­නයේ අරාලි වට්ටු­ක්කෝට්ටේ පදිංචි මහේ­ෂ්ව­රන් රාම­දෝස් (41) නමැති දෙදරු පියෙකි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වෛද්‍ය­ව­රිය වඩු­ක්කෝ­ඩෙයි පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ ඇත.
( රසුල දිල්හාර ගමගේ)