dompe-incident

දොම්පේ ප්‍රදේශයේ දේවාල භූමියක නිධානයක් ගොඩගැනීම සඳහා කැණීම් කටයුතු කළැයි කියන පාතාල නායකයකු සහ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක යැයි කියන කාන්තාවක ඇතුළු දහතුන් දෙනකු අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය පවසයි.




පොළොව මතුපිට ඇති දේවල් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරුපැදියක් ද මෙම වැටලීමේ දී පොලිස් භාරයට ගෙන තිබිණි.

පාතාල නායකයකු ලෙසින් සැලකෙන පුද්ගලයා යාපනය ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම, 2016 වසරේදී කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ රන් බඩු සාප්පුවකට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් තවත් කණ්ඩායමක් සමග කඩාවැදී එහි තිබූ ස්වර්ණාභරණ සෑදීමට ගෙනවිත් තිබූ කිලෝ තුනකට වැඩි ප්‍රමාණයක බර රන් බිස්කට් කොල්ලකෑම සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ වූවකු බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.


මොහුට එරෙහිව එම නඩු විභාග වෙමින් පවතින බව ද පොලිසිය කියයි.සැකකාරිය සහ සැකකරුවෝ දෙල්ගොඩ, මල්වාන, දොම්පෙ, කෑගල්ල, සියඹලාපේ, හංවැල්ල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)