duglas-dewananda

රුපියල් කෝටි දෙකක අගරු චෙක්පත් ලබා දීමේ සිද්ධියත් සම්බන්ධයෙන් විභාගයට ගැණෙන නඩුවකට සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේත්‍රාත් පසන් අමරසේන ඊයේ (නොවැ. 21) වරෙන්තු නිකුත් කර තිබේ.



වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියම් මනෝහරන් නමැති ව්‍යාපාරිකයෙකු ඩග්ලස් දේවානන්දට රුපියල් කෝටි දෙකක අගරු චෙක්පත් ලබා දී වංචාවක් කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අද පැවති නඩුවක සාක්ෂි ලබා දීම සඳහා නොපැමිණීම සැලකිල්ලට ගනිමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.

ඩග්ලස් දේවානන්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ,

ඔහු අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් අධිකරණය වෙත පැමිණ නොමැති බව ය.

නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ජනවාරි මස 23 වන දා නැවත කැඳවීමට දින නියම කළේ ය.

මෙම සිද්ධිය 2016 වසරේ සිදුව ඇති බව ත් ඩග්ලස් දේවානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.