ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානය ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිනි බවටත් ඩග්ලස් දේවානන්දට ඇමතිකමක් ලැබෙන බවටත්
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු ගැන කළ සාකච්චාව අනුව ධීවර ඇමතිකම ලැබෙන බවටත් ව්‍යාජ ප්‍රචාරයක් දියත්ව පවතින බව
ජාතික ජන බලවේගයේ රැළියකදී ප්‍රකාශවී තිබේ.
ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද උතුරේ ඡන්දදායකයින් මුලා කිරීමට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක හෙළාදැක තිබෙන අතර දැඩි පිළිතුරක් ලබා දී තිබේ.
දේවානන්දා පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ගන්නා ලද ඡායාරූපයක් යාපනයේ පළ වෙන පුවත්පත්වලට ලබා දී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ද තමාට ඇමතිකමක් ලැබෙන බව ප්‍රකාශ කරමින් ප්රචාරක ව්‍යාපාරයේ යෙදී ඇති බව පෙන්වාදී ඇති බිමල් රත්නායක
සමාජ මාධ්‍ය යොදා ගනිමින් ද එම ව්‍යාජ ප්‍රචාරය ගෙන යමින් සිටින බවට චෝදනා කරයි.
ඩග්ලස් දේවානන්දාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් යාපනයේ පැවති ජන හමුවකදී බිමල් රත්නායක සඳහන් කළේ “ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් ලබා දෙන්න ජනාධිපතිතුමාටවත් අපටවත් පයිත්තියන් නෑ. ඔහු ගෙන යන බොරු ප්‍රචාර නතර කරයි කියලා බලාගෙන හිටියා. ඒත් ඒ ප්‍රචාර නතර කරන්නේ නෑ. රට විනාශ කරන්න දායක වූ ඩග්ලස් දේවානන්ද ඇතුළු කිසිම කෙනෙක් වද්ද ගන්නේ නෑ.“ යනුවෙනි.
0 Comments