easter-attack-channel-4

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 නාලිකාව ශ්‍රී ලාංකිකයකු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.මෙම සම්මුඛ සාකච්ඡාව ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක චැනල් 4 නාලිකාව මගින් විකාශය කර තිබූ අතර එම වීඩියෝවේ අඩංගු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු

සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කීපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.


බාහිර සංවිධානයක් විසින් මෙම වීඩියෝව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකරනලද පැමිණිල්ලක් පොලිස්  මූලස්ථානය වෙන යොමුකිරීමෙන් පසු මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් ආරම්භ කරණු ලැබීය.එම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) කොටුව මහේස්ත්‍රා අධිකරණයට කරුණු වාර්තා කළේය.
(ගයාන් සූරියආරච්චි)