පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ඡන්දදායකයන්ගේ නිවෙස්වලට ගොස් ඛෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ඛෙදා හැරීම ආරම්භ කළ පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට ඉකුත් 7 වැනිදා දක්වා
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 96 කට අධික ප්‍රමාණයක් ඡන්දදායකයන් අතට පත්කර ඇති බවත් විශේෂ ඛෙදීම් සිදු කළ ඔක්තෝබර් 27 හානොවැම්බර් 3 වැනිදා යන දින දෙකෙන් නොවැම්බර් 3 වැනිදා වැඩි ප්‍රමාණයක් ඛෙදා හැරීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවැසීය.
මේ අතර අයිතිකරුවන් නොමැතිවීම හේතුවෙන් බෙදා හැරීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ආරක්ෂිතව තැපැල් කාර්යාලවල තබා ඇතැයි රණසිංහ මහතා සඳහන් කළේය.තැපැල් මගින් බෙදා හැරීමේ කාලය තුළ මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට අද (11) සිට මැතිවරණය පැවැත්වෙන ලබන 14 වැනිදා දක්වා තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගත හැකි බවකී.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමේදී තම අනන්‍යතාව තහවුරු කළ යුතු බවත් සදහන් කළේය.
ඉතිරිව ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විදේශ ගතව සිටින හා පදිංචිය වෙනස් කිරීම් කළ හා වෙනත් හේතූ මත මෙතෙක් ලබා නොගත් ඒවා බවට විශ්වාස කරන බවද ඔහු පැවසීය.මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබූවන්ට ළඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බවය.
(මහින්ද නිශ්ශංක)
0 Comments