election-ready

හෙට (14) පැවැ­ත්වෙන පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යේදී කිසි­යම් ඡන්ද පොළක කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එම ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ ඡන්ද විම­සීම ශුන්‍ය කරන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා අව­ධා­ර­ණය කළේය. එබැ­වින් නිද­හස් හා සාධා­රණ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම උදෙසා කැප­වීම සියලු පුර­වැ­සි­යන්ගේ වග­කී­මක් බවත් ඡන්ද අයි­තිය ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් කැප­විය යුතු බවත් සභා­ප­ති­ව­රයා පැව­සීය.



මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා මේ බව සඳ­හන් කළේ, හෙට (14) පැවැ­ත්වෙන පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණය වෙනු­වෙන් දැනු­ම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට සහ­භාගි වෙමිනි. මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කට­යුතු 14 වැනිදා පස්වරු 4.15ට ආරම්භ කිරී­මට කට­යුතු කරන බව සභා­ප­ති­ව­රයා පැව­සීය. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ කට­යුතු ඡන්දය ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබී­මෙන් පසු පස්වරු 7.15න් පසුව ආරම්භ කරන බව ද ඒ මහතා පැව­සීය.

ඡන්ද බල­ප්‍ර­දේ­ශ­වල ප්‍රති­ඵ­ලය හා දිස්ත්‍රික් ප්‍රති­ඵ­ලය මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ල­යෙන් නැවත පරීක්ෂා කර අනු­මත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බැවින් නිල නොවන ඡන්ද ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් වළ­කින ලෙස ද සභා­ප­ති­ව­රයා ඉල්ලා සිටි­යේය. ඡන්දය යනු පුර­වැ­සි­යාගේ අයි­තිය හා බලය බවත් ඔබගේ බලය හා අයි­තිය නිවැ­රදි ලෙස පාවිච්චි කරන ලෙසත් 14 වැනි දින හැකි තරම් වේලා­ස­නින් ඡන්ද­පො­ළට ගොස් සිය අයි­තිය ප්‍රකාශ කරන ලෙස ද ඒ මහතා පැව­සීය. ඡන්ද ගණන් කිරීමේ කට­යුතු අදි­යර තුනක් යටතේ සිදු වන බවත් එක් එක් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් ඉදි­රි­පත්ව ඇති අපේ­ක්ෂ­ක­යන් ලබා­ගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් ඔහු පැව­සීය.



 වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා මෙසේ ද පැව­සීය.

“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කට­යුතු 4.15ට ආරම්භ කිරී­මට විධි­වි­ධාන යොදා තිබෙ­නවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍ය­ස්ථා­න­ව­ලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිල­ධා­රින් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරී­මට කට­යුතු යොදා තියෙ­නවා. ගණන් කිරීමේ කට­යුතු අව­සන් වූ පසුව එම ප්‍රති­ඵල මාධ්‍ය­යට ලබා දීමට අවශ්‍ය විධි­වි­ධාන යොදලා තියෙ­නවා. එතෙක් නිල නොවන ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් වැළකී සිටින ලෙස සිය­ලු­දෙ­නා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ඡන්ද ගණන් කිරීමේ කට­යුතු අදි­යර තුනක් යටතේ සිදු වෙන්නේ. පළ­මුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණ­නය කිරීම සිදු කර­නවා. දෙව­නුව ගණන් කරන්නේ එක් එක් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­යම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අව­සා­න­යේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළි­ගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් පත්විය හැකි මන්ත්‍රී­ව­රුන් සංඛ්‍යාව ගණ­නය කර­නවා. එයින් අන­තු­රු­වයි පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් ඉදි­රි­පත් වෙලා තියෙන අපේ­ක්ෂ­ක­යන් ලබා­ගත් මනාප සංඛ්‍යාව ගණ­නය කරනු ලබන්නේ. එක් එක් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් ඉදි­රි­පත් වී ඇති අපේ­ක්ෂ­ක­යන් ලබා­ගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදු කර­නවා.

ඡන්ද ප්‍රදේශ ප්‍රති­ඵ­ලය හා දිස්ත්‍රික් ප්‍රති­ඵ­ලය ඒවා මැති­ව­රණ කාර්යා­ලය විසින් නැවත පරීක්ෂා කිරී­මෙන් පසුව ප්‍රති­ඵල ලබා­දෙන තෙක් ඉව­සී­මෙන් කට­යුතු කරන ලෙස ඉල්ලා සිටි­නවා. ඒ වගේම ඡන්ද ගණන් කරන අව­ස්ථා­වේදී මෙන්ම ප්‍රති­ඵල නිකුත් කරන අව­ස්ථා­ව­ලදී නිවෙ­ස්ව­ලම රැඳී සිටින ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. කණ්ඩා­යම් වශ­යෙන් එකතු වී ඡන්ද ප්‍රති­ඵ­ල­ව­ලට සවන් දීමෙන් වළ­කින ලෙස ඉල්ලා සිටි­නවා. එක්රැ­ස්වීම්, අයුතු ජන­රා­ශිය යන වර­දට ගැනෙන නිසා දඬු­වම් ලැබිය හැකියි. එවැනි පිරිස් අත්අ­ඩං­ගු­වට ගත හැකියි.



යම් ඡන්ද පොළක කඩා­ක­ප්ප­ල්කාරී සිදු­වී­මක් සිදු වුව­හොත් එම ඡන්ද පොළේ ඡන්ද විම­සීම ශුන්‍ය කිරී­මට මැති­ව­රණ කොමි­සම පිය­වර ගන්නවා. විශේ­ෂ­යෙන්ම නීතිය තදින් ක්‍රියා­ත්මක කරන ලෙස ආර­ක්ෂක අංශ­ව­ලට උප­දෙස් දී තිබෙ­නවා. සාමය ආරක්ෂා කිරී­මට පොලී­සිය හා විශේෂ කාර්ය බළ­කාය යොදවා තිබෙ­නවා. ඒ වගේම ඕනෑම හදිසි අව­ස්ථා­වක කැඳ­වීම වෙනු­වෙන් ත්‍රිවිධ හමු­දාව සූදා­න­මින් සිටි­නවා. ඡන්දය පාවිච්චි කිරී­මෙන් පසුව නිවෙ­ස්වල රැඳී සිටින්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය නිවැ­ර­දිව ගණන් කිරී­මට මැති­ව­රණ කොමි­ෂන් සභාව බැඳී සිටි­නවා. ඒ නිසා මැති­ව­රණ කොමි­ෂන් සභාව කෙරෙහි විශ්වා­සය තබන්න. ආර­ක්ෂක අංශ අවශ්‍ය ආර­ක්ෂාව සප­ය­නවා. සියලු කට­යුතු අව­සන් වීමෙන් පසු අව­සන් ඡන්ද ප්‍රති­ඵල නිකුත් කර­න­තෙක් කට­ක­තා­ව­ලට නොරැ­ව­ටෙන්න. නිද­හස් හා සාම­කාමී මැති­ව­ර­ණ­යක් වෙනු­වෙන් කැප­වීම සියලු පුර­වැ­සි­යන්ගේ වග­කී­මක්. ඡන්දය ඔබේ අයි­ති­යයි.
(ස්වර්ණා විජේ­කෝන්)