මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකු ඡන්ද දායකයන්ගේ මනාප ලබා ගැනීමේ අදහසින් ඔවුන්ගේ ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය කියයි.
මූතූර් ආසනයේ තෝපූර් ප්‍රදේශයේ පුද්ගලයන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා මෙම උපක්‍රමය භාවිත කරන බවට පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී සහකාර තේරීම් භාර නිලධාරි හා අතිරේක දිසාපති ඒ. සුදාහරන් මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවටයි.
මෙම අපේක්ෂකයා පසුගිය මහ මැතිවරණයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පැවසෙන අතර මොහු මොල්ලිපතාන ප්‍රදේශයේත් මෙලෙස ම ජල හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද පැමිණිල්ලක් ලැබී ඇති බවට වාර්තා වේ.
(ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ – කන්තලේ)
0 Comments