flood-effects

 ගංවතුර ආපදාවලින් 12 දෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලබා අයකු අතුරුදන්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්,මාර්ග ජලයෙන් යටවීම් ඇතුළු ආපදා තත්වය දිස්ත්‍රික්ක 24 කට බලපා ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.මේ හේතුවෙන් පවුල් 1,20,534කට අයත් 4,01,707ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් නිවාස 102කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 1952 කට අර්ධ හානි සිදුව තිබේ.මෙයට අමතරව කුඩා සහ පරිමාණ ව්‍යාපාරික මධ්‍ය ස්ථාන 51 කට සහ වෙනත් ස්ථාන 178 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මේ වනවිට පවුල් 11,663කට අයත් 36,330 ක් ආරක්ෂිත ස්ථාන 345 ක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර, යාපනය, මන්නාරම්, මුලතිව්, මඩකළපුව, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට සිදුව තිබේ.අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං සහ ගං වතුර ඇතුළු තත්වය හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකට ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබේ.පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු කල්මුණේ මාර්ගයේ ගමනා ගමනයට බාධා මතුව ඇත.

මේ අතර පාදෙණිය අනුරාධපුර   මාර්ගය  මිනුවන්ගැටේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති අතර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය ඉල්ලා සිටී.මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද තවකාලිකව නැවතී ඇත.ඊට අමතරව නන්දිකඩාල් කළපු මාර්ග ද වර්ෂාවට ඇති වූ ජලගැලීම්වලින් වැසීයාම හේතුවෙන් ගමනා ගමන කටයුතු දැඩි සෙයින් අඩාළ වී ඇත.



 වට්ටුවාක්කල් පාලම් හරහා මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඇති මාර්ගය මෙලෙස කටයුතු තවකාලිකව නවතා ඇති අතර මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ඇත.පවතින අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1495 කට් අයත් 4644 දෙනකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.එමෙනම විපතට පත්ව ඇති මුලතිව්හි පවුල් 218 කට අයත් 680 දෙනෙක් රැඳවුම් මධ්‍යස්ථාන 09 ක තාවකාලිකව රැඳී සිටිති.

මේ අතර පවතින අයහපත් සුළි තත්වයන් කුණාටු හේතුවෙන් මුලතිව් වැසියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්ෂක අංශ ද ආපදා කළමනාකරණ නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කරයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය. සීමා කර තිබූ යාපනය ඒ 9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර ම

ේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවයි.

 
ඒ අනුව ඒ.9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බව ද පොලිසිය නිවේදනය කරයි.මේ අතර වර්ගී ජලයට හසුවීමෙන් උතුරු පළාතේ කුඹුරු හෙක්ටයාර 64000 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.වී වපුරා දින කිහිපයක් ගතවූ කුඹුරුවල පැළ වී වැස්සට ගසාගෙන යාම නිසා සෑම කුඹුරක්ම යළි වගා කිරිමට සිදුවන බව ගොවි සංවිධාන පවසයි.


මේ අතර දිවයින පුරා පිහිටි කුඩා වැව් 106ක් අධික වර්ෂාවත් සමග කැඩී ඇති අතර වව්නියාව දිස්ත්‍රික්කයේ පමණක් කුඩා වැව් 848 න් 29 ක බැමි කැඩී ගොස් හානියට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා පැවැසීය. ආපදාවන්ට සහන සැලසීම දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් මූලිකත්වයෙන් ඊයේ දිනයේත් සිදු කෙරිණ. ගංවතුරින් පීඩාවට පත් සැලසීම සඳහා හෙලිකොප්ටර් යානා 6ක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරංග මහතා සඳහන් කළේය. අනුරාධපුර, වීරවිල, අම්පාර, පලාලි, හිගුරක්ගොඩ

රත්මලාන ප්‍රදේශවල හෙලිකොප්ටර් ඒ සඳහා ස්ථානගත කර තිබේ.

සහන මෙහෙයුම් සඳහා අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා නාවික හමුදා කණ්ඩායම් 14 ක් යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කය සඳහා සහන කණ්ඩායම් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා සහන කණ්ඩායම් 8ක් සහ පුත්තලම දිස්ත්‍රික්කය සඳහා සහත කණ්ඩායම් 4ක් යොදවා ඇත.යුද හමුදා සාමාජිකයන් 720ක් සහන මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි ඔවුන් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරල් රසික කුමාර මහතා සඳහන් කළේය.