foreign-worker-certificates

විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන්ගේ පහ­සුව සඳහා විදේශ රට­වල පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යාල මඟින් උප්පැන්න, විවාහ හා මරණ සහ­තික පිට­පත් නිකුත් කිරී­මට රජය සැල­සුම් කර තිබේ.

මෙම වැඩ­ස­ට­හන නියමු ව්‍යාපෘ­ති­යක් ලෙස තෝරා­ගත් විදේශ තානා­පති සහ කොන්සල් ජන­රාල් කාර්යාල 07ක් හරහා ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.


ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානා­පති කාර්යාල, ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බන්, කැන­ඩාවේ ටොරොන්ටෝ, ඉතා­ලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජන­රාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යක් මඟින් උප්පැන්න, විවාහ හා මරණ සහ­තික ලබා­ගැ­නී­මට හැකි වන සේ

සකසා ඇති ක්‍රම­වේ­දය අනු­වම විදේශ තානා­පති කාර්යාල හරහා ද එම සහ­තික නිකුත් කිරී­මට හැකි වන පරිදි රෙජි­ස්ට්‍රාර් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව හා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය එක්ව පව­ත්වා­ගෙන යනු ලබන e- BMD දත්ත පද්ධ­තිය වැඩි­දි­යුණු කිරී­මට මේ වන විට කට­යුතු කර තිබේ. ඒ අනුව මුල් අදි­ය­රේදී e-BMD දත්ත පද්ධ­තිය දැනට පරි­ලෝ­ක­නය කර ගබඩා කර ඇති මිලි­යන 45කට ආසන්න උපත්, විවාහ හා මරණ සහ­තික පම­ණක් නිකුත් කිරීම සිදු කරනු ඇත.



මෙම සහ­තික 1960.01.01 දිනට පසු ලියා­ප­දිංචි කර ඇති සහ­තික වන අතර දත්ත පද්ධ­තියේ මුල් අව­ස්ථා­වේදී පරි­ලෝ­ක­නය වූ සහ­ති­ක­යක් පසුව සංශෝ­ධ­නය වී ඇත්නම් එවැනි සහ­තික ඇතැම් අව­ස්ථා­ව­න්හිදී දත්ත පද්ධ­තිය තුළ යාව­ත්කා­ලීන වීමේ සුළු ප්‍රමා­ද­යක් පැව­තිය හැකිය.
(උපාලි කරු­ණා­රත්න සහ ජය­සිරි මුණ­සිංහ)