galthenna-kapuwa

තෙල්දෙ­ණිය පොලිස් වසමේ දිගන අයි.සී.සී. නිවාස සංකී­ර්ණයේ තිබී සොයා­ගත් ව්‍යාජ අංක තහඩු යෙදූ කොටස් එක­ලස් කළ බව කියන ජීප් රථය සන්ත­කයේ තබා­ගෙන සිටි බව කියන මහ­නු­වර ගාල්තැන්න දේවා­ලයේ දේව­ගැ­ති­ව­රයා 18 වැනිදා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස තෙල්දෙ­ණිය මහෙ­ස්ත්‍රාත් දිසා විනි­සුරු දේවිකා චතු­රාං­ගනි ජය­ව­ර්ධන මහ­ත්මිය ඊයේ (12) නියෝග කළාය.



මෙලෙස තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ ගාමිණී ආනන්ද නොහොත් ගාල්තැන්න දේවා­ලයේ කපු­ම­හ­තාය. මේ සුඛෝ­ප­භෝගි වාහ­නය සන්ත­කයේ තබා­ගෙන එක­ලස් කිරීම සම්බ­න්ධ­යෙන් සැක­ක­රුට එරෙ­හිව චෝදනා එල්ල වන බව මෙහිදී පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. රුපි­යල් කෝටි හත­රක පමණ වටි­නා­ක­ම­කින් යුත් මේ මිටි­සු­බිෂි වර්ගයේ සුදු පැහැති ජීප් රථය ඉකුත් 31 දින දිගන අයි.සී.සී. නිවාස සංකී­ර්ණයේ නි‍වෙසක තිබී සොයා­ගත් බව තෙල්දෙ­ණිය පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.



දිගන නිල­ග­මට ආසන්ව පිහිටි අයි.සී.සී. නිවාස සංකී­ර්ණයේ නිවෙ­සක ගරා­ජයේ තිබී සොයා­ගත් මේ වාහ­නයේ සවි කර තිබුණු අංක තහ­ඩුව සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­ව­ලදී එය මහ­නු­වර පිල­වල ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­ව­කට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ රථ­ය­කට අයත් එකක් බව අනා­ව­ර­ණය වූ බවද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ ව්‍යාජ අංක තහඩු භාවිත කර­මින් මේ ජීප් රථය ධාව­නය කර ඇතැයි පරී­ක්ෂ­ණ­ව­ලදී සොයා­ගත් බව ද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සැක­කරු වෙනු­වෙන් නීතිඥ මනි­ලාල් වෛද්‍ය­ති­ලක, නීතිඥ සරත් ප්‍රේම­කු­මාර, නීතිඥ ජගත් උඩ­ගෙ­දර යන මහ­ත්වරු පෙනී සිටි­මින් ඇප ඉල්ලා සිටි­යහ.
(කර­ල්ලි­යද්ද  - කේ. විජේ­සිරි නිශ්ශංක)