පාර්ලිමේන්තු මැතිවරණයකදී ශ්‍රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගත් අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් වාර්තාවක් තබා ඇත.
ඔහු මනාප ඡන්ද 716,715ක් ලබා ඇති බව සන්ධ්‍යා කාලයේ වාර්තා විය.කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂිකා හරිනි අමරසුරිය. 655,289 ලබාගැනීම මින් ඉහත වැඩිම වාර්තාව ලෙස සලකා තිබුණත් මෙම සංඛයාව එය අභිබවා ගියේය.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.
ඒ අනුව මනාප සටනේ මහින්ද තෙවැනියා කර වාර්තා කැඩී ඇත.
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵලය පහතින්
ජාතික ජන බලවේගය (16)
විජිත හේරත් – 716,715
අනිල් ජයන්ත – 162,433
මහින්ද ජයසිංහ – 137,315
ක්‍රිෂාන්ත සිල්වා – 121,825
එම්.එච්. මොහොමඩ් මුනීර් – 109,815
ආර්.ඒ. අශෝක රන්වල – 109,332
එන්.ඩී විජේසිංහ – 83,061
රුවන් මලපාගම – 78,673
ලසිත් භාෂණ – 65,391
ප්‍රගීත් මධුරංග – 63,387
සුදර්ශන චම්පික – 70,373
ජේ.ඒ. රුවන්තිලක – 68,210
ඩබ්ලිව්.ඒ.එච්. සුජීව – 66,737
උපාලි ප්‍රියන්ත – 60,595
ප්‍රියාන් ප්‍රනාන්දු – 57,634
චමින්ද ලලිත් කුමාර – 53,451
සමගි ජන බලවේගය (3)
හර්ෂණ රාජකරුණා – 67,004
කාවින්ද ජයවර්ධන – 37,597
ඩබ්ලිව්.එම්.එම් අමිල – 23,699
0 Comments